Posts

Showing posts with the label සංඝ

පූජකයෝ දේශපාලනය කළ යුතු ද

පූජකයෝ දේශපාලනය කළ යුතු ද යන ප්‍රශ්නය වඩා සංයුක්තව ගතහොත් හාමුදුරුවරු දේශපාලනය කළ යුතු ද යනු වේ.  මන්ද, මේ වන විට ලංකාවේ ආගමික නායකයන්ගේ පාලනයකින් තොරව මේවා සිදු වන්නේ බුද්ධාගමේ පමණක් නිසා ය.  එජාප මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පූජකයන්ට දේශපාලනය තහනම් කිරීම පිණිස ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට විරුද්ධව ජාතික හෙළ උරුමය දැවැන්ත ව්‍යාපාරයක් ගෙන ගිය අතර, ජනාධිපතිගේ හයිය ද රැගෙන අද දෙරණේ විවාදයට එන්නේ සූක්ෂම ලෙස රාජපක්ෂ මන්ත්‍රීවරයා බිය වද්දමිනි.  බුදුන්ගේ අහිංසාවාදී දහම හා ජාතික හෙළ උරුමය අතර කිසිදු සම්බන්ධයක් ඇතැයි අපි නො සිතමු. සංඝ සංස්ථාවේ නිල ප්‍රධානීන් වන මහ නායක හිමිවරු මේ කරුණ අරභයා නිහඬ ය. ඇත්ත කරුණ නම් ඔවුන් භික්ෂූන් දේශපාලනයේ නොයෙදිය යුතු ය යන ස්ථාවරයේ සිටීමයි.  අද වන විට මහ නායක හිමිවරු ද ජාතික හෙළ උරුමයේ ආධිපත්‍යයට යට වී සිටිති. ජාතික හෙළ උරුමය නාමිකව හෝ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයකි. මැතිවරණ කොමසාරිස් යටතේ ලියාපදිංචි වී ඇති එහි නිලතල සඳහා පුද්ගලයන් තෝරා ගත යුත්තේ ඡන්දයෙනි. එහෙම බැලුවාම ජාතික හෙළ උරුමය වඩා නවීන ආයතනයකි. එහි ඇති සුවිශේෂ ම ලක්ෂණයක් වන්න...

ළමයින් මහණ කිරීම ගැන නැවත හිතුවොත් නරක ද? | Let us re-consider ordaining children

Image
( 2010 දෙසැම්බර් 22,  W3Lanka )  පහත සඳහන් වන පුවත ප්‍රචාරය වුණේ ‍නෙත් ගුවන් විදුලියේ ය.  "ළමයින් 13දෙනෙකු අපයෝජනය කළ බවට සැකපිට භික්‍ෂු වෙස් ගත්තෙකු අනුරාධපුර ජනකපුර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. අපයෝජනයට ලක්වූ බව කියන සියලූ දෙනා පිරිමි ළමයින්.  මළ පහ කිරීමේ අපහසුතාවක් නිසා රෝහල් ගත කෙරුණු වයස අවුරුදු 14ක පිරිමි ළමයකුගෙන් කරුණු අනාවරණ වුණා. අපයෝජනයට ලක්වූ බව කියන අනෙක් පිරිමි ළමුන් සියලූ දෙනා වයස අවුරුදු 14ට අඩු අයයි.  අත්අඩංගුවට ගැනුණු භික්‍ෂු වෙස් ගත් පුද්ගලයා වයස අවුරුදු 35ක පමණ තැනැත්තෙකු වනවා.  ගම්පහ ප‍්‍රදේශයේ විහාරස්ථානයක සිට මොහු ජනකපුරයට පැමිණ ඇත්තේ මීට නොබෝ කලකට පෙරයි. පිරිමි ළමයින් අපයෝජනයට පොළඹවාගෙන ඇත්තේ අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා බව අනාවරණ වී තිබෙනවා. එලෙස අපයෝජනයට ලක්වූ බව කියන පිරිමි ළමයින් හඳුනාගෙන ඔවුන් වෛද්‍ය පරීක්‍ෂණවලට භාජනය කිරීමටයි පොලීසිය අදහස් කරන්නේ." භික්ෂූන් යම් යම් වැරදි කර හෙළිදරව් වූ කල ලංකාවේ ජනමාධ්‍ය ඔවුන් හඳුන්වන්නේ ඉහත රතු අකුරින් දක්වා ඇති පදවලින්. එහෙත්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින්...

රාජපක්ෂලාගේ රාජ්‍ය සඟහරණයට අපේ සහාය! | Our support to the desangafication of state by Rajapaksas

Image
(2010 මාර්තු 01- W3Lanka )  මෙම සටහන ජනාධිපති මහින්ද රාජපක්ෂටත්, රාජපක්ෂ පවුලටත්, ගෝල බාලයන්ටත් ස්තුති කිරීම පිණිස ලියනු ලබන්නකි. කවුරු කළත් හොඳ දේ අගය කළ යුතුය. එසේ නොකරන්නේ නම් එය කුහකකමකි.  අපි වාමාංශිකයෝ වෙමු. එහෙත්, අවස්ථාවාදියෝ නොවෙමු. අපට දේශපාලනිකව යන එන මං නැතිව ගොස් තිබෙන්නේ ද ඒ නිසා විය හැකිය. එහෙත් අපි කන්නට ඕනෑ වූ විට කබරගොයා තලගොයා කර ගන්නේ නැත. එහෙත් මේ සටහන කබරගොයා හෝ ටිකිරිලියා හෝ ගැන නොවේ. රජය මහනායක හිමිවරුන් ඇතුළු අති පූජ්‍ය සංඝරත්නය නොතකා හරින බව කියමින් දැන් ඇතැම් වාමාංශිකයෝ ද වැළපෙන්නට පටන් ගෙන ඇත. දළදා මාළිගාව පරිශ්‍රයේ ආණ්ඩුවට එරෙහිව පවත්වන්නට ගිය සංඝ සම්මේලනය රාජපක්ෂ පාලනය කැරට් සහ කෙවිට පාවිච්චි කරමින් කඩාකප්පල් කර දැමීම මෙම වැලපිල්ලට හේතුවයි.  විශේෂයෙන්ම එක් මහ නායක හිමි නමක් ඇතුළු බෞද්ධ භික්ෂු නායකයන් රැසකට ආණ්ඩුව සරත් ෆොන්සේකාට කළ බලු වැඩේ ගැන කේන්ති ගොස් තිබේ. පවුල පිටින් රට රාජ්‍යවල සැරිසරමින් සුපිරි හෝටල්වල සැප ගැනීම නම් දේශපාලනය කරන එක් ඇමතියකු සහ මහජන මුදල් භාර තැනක ඉන්නා හොරෙකු බව උසාවිය පවා පිළි ගන්නා කෙනෙකු ඇතුළු දූෂකයන් ව...