කච්චිය පිච්චියට ගියත් හෙළුවෙන් ම වනන ආණ්ඩුව
( 2010 දෙසැම්බර් 10, W3Lanka ) කටුනායක ගුවන් තොටුපළේදී යම් මාධ්‍යවේදියකුට පහරදීමක් සිදු වී තිබේ නම් ඒ පිළිබඳව ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යාංශයට පැමිණිලි කරන්නැයි ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ කැබිනට් පුවත් සාකච්ඡාවේදී පැවසී ය. ඔහුගේ ප්‍රකාශයෙන් කාරණා කීපයක් ගම්‍ය වේ. එනම් යම් නීති විරෝධී සිදුවීමක් නිසා කිසිවකු අගතියට පත් වී නම් මේ රටේ එම පුද්ගලයාට යුක්තිය අපේක්ෂා කළ හැක්කේ රජයට පැමිණිලි කළොත් පමණි. පැමිණිලි කළොත් පරීක්ෂණයක් කළ හැකි ය. පරීක්ෂණයෙන් පසු කුමක් වේ ද යන්න දෙවන කාරණයකි. 'මාධ්‍යවේදියකුට පහර දීමක් සිදු වී තිබේ නම් ' කියා කීමෙන් ගම්‍ය වන තවත් අදහසක් වන්නේ කෙතරම් වාර්තා වී තිබුණත්, රජය පරීක්ෂණයකින් ඔප්පු වන තුරු එය පිළි නො ගන්නා බවයි. තර්කානුකූල ය. දැන් මතු වන ඊළඟ ප්රශ්නය වන්නේ ලංකාවේ තිබෙන එක ම ජාත්‍යන්තර ගුවන් තොටුපළ කෙතරම් ආරක්ෂිත ස්ථානයක් ද යන්නයි. එතැනින් රටට පැමිණි පිරිසකට තවත් පිරිසක් පහර දෙන තෙක් පොලිසිය සිටියේ කොහි ද? පහර දුන් මැරවරයෝ මෙම පිරිස එළවාගෙන ගොස් ඔවුන්ට පහර දී ගමන් ගත් වාහනයේ වීදුරු කුඩු කරන තෙක් පොලිසිය සිටියේ කොහි ද? නැතිනම්, මේ පිරි...