Posts

Showing posts with the label හොර කොපි

තොරතුරු තාක්ෂණයට තිත; මයික්‍රොසොෆ්ට් හාම්පුතුන්ට සතුට

Image
( 2010 දෙසැම්බර් 16,  W3Lanka ) මෙන්න ඔබ අත් අඩංගුවට ගන්න යනවා ය. ප්‍රවෘත්තිය දිනමිණේ පළ වී ඇත්තේ මෙසේ ය:‍ "බලපත් රහිතව පරිගණක මෘදුකාංග පරිහරණය කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්‍ෂණයක් අරඹා ඇත. මෙරට මෘදුකාංග පාවිච්චි කරන්නන්ගෙන් සියයට 75 ක් පමණ බලපත් රහිතව ඒවා පරිහරණය කරනු බවට හෙළිවී තිබෙන බව රහස් පොලිසිය සඳහන් කරයි. "මෙසේ හොරට පරිගණක මෘදුකාංග පාවිච්චියට මෙරට ව්‍යාපාරිකයන්ගෙන් වැඩි දෙනෙකු ද පුරුදු වී සිටින බව සිදුකළ මූලික පරීක්‍ෂණ මගින් අනාවරණය වී තිබේ.මේ පුද්ගලයන් හා ආයතන ඉතා ඉක්මනින් මෘදුකාංග පරිහරණය සඳහා බලපත් ලබාගැනීමට පියවර නොගන්නේ නම් බුද්ධිමය දේපළ පනත යටතේ අධිකරණය හමුවට පමුණුවන බව රහස් පොලිසිය සඳහන් කරයි." මෙය පටන් ගත යුතුව ඇත්තේ රජයේ ආයතනවලිනි. රජයේ කාර්යාලවල, පාසල්වල ඇති සියලු පරිගණක සඳහා මයික්‍රොසොෆ්ට් සමාගමට මුදල් ගෙවා තිබේ ද යන්න සොයා බැලිය යුතුව තිබේ.  ලාභ ලබන පෞද්ගලික සමාගම් විශාල වශයෙන් මෘදුකාංග සොරකම් කරන බව ඇත්තකි. එය වැළැක්වීමට පියවර ගත යුතුව තිබේ.  ලංකාවේ ගායකයන්ගේ ගී තැටි අද නිකුත් වූ විට හෙට සිට කො...