Posts

Showing posts with the label ආයුබෝ වේවා

සහේලි ගමගේ වීදිය දිගේ ආශ්චර්යයට ෂෝට් කට් එකක්

Image
( 2010 දෙසැම්බර් 06,  W3Lanka )  කොටි සංවිධානය පරාජය කර ආණ්ඩුව යුද්ධය දිනනවාත් සමග ඇති වූ රාජපක්ෂ වීර වන්දනාව හා සමාන්තරව 'ආයුබෝ වේවා - මහ රජාණනේ' යි ගීයක් ගයා එක රැයින් ජනප්‍රිය වූ, එහෙත්, ක්ෂේත්‍රයේ ස්ථාවර වන්නට බැරි ව අද නො ඇසී යමින් ඇති හඬක් බවට පත් වෙමින් සිටින සහේලි ගමගේ නමින් මහරගම පාරක් නම් කිරීම පිළිබඳ ආන්දෝලනයක් ඇති වී තිබේ. ඇය නමින් පාරක් නම් කිරීම පිළිබඳ පුවත අප මිත්‍ර කල්‍යානන්ද පෙරේරා අපට දැන්වූයේ මාස කීපයකට පෙරයි. එවේලේත් අප කල්පනා කළේ මෙය එතරම් ආන්දෝලනාත්මක ද යන්නයි. ලංකාවේ පාරවල් නම් කර ඇත්තේ කෙසේ ද? ගම්වල පාරවල් රැසක් මිය ගිය සොල්දාදුවන් වෙනුවෙන් නම් කර තිබේ. බංඩාරනායකවරු බලයේ සිටින තාක් කල් පාරවල් රැසක් බංඩාරනායක මාවත ලෙස නම් විය. දැන් නම් පාරවල් නම් වන්නේ පරම්පරාවක් තිස්සේ නො ඇසුණු නමක් වන ඩී.ඒ. රාජපක්ෂ නමිනි. කොළඹ නගරයේ ඇති බැස්ටියන් මාවතට නම දුන් බැස්ටියන් කවුරුද, කොටා පාරට නම දුන්නේ කොටෙක් ද දිගෙක් ද, ඩික්මන් පාරේ සිටි ඩික්මන් කවුරු ද ආදිය දැන් සැමට අමතක වී ඇත. ආර්. ඒ. ද මැල් මාවත ද මොකක් ද කියා නම් කර දශක ගණනාවක් වුණත්, ඩුප්ලිකේෂන් පාර තවමත්...

එක රැයින් තාරකාවක් ‍වෙන්න කැමති නම් යුව රජ්ජුරුවන් ගැන ගීයක් කියන්න ඉදිරිපත් වෙන්න

මගේ නම අනිල් ගමගේ. යාලුවො කියන්නෙ සූර් අනිල් කියලා. අපිත් බොනවා තමයි. අරක්කු ටිකට ඕනැ වන්දිභට්ටකමක් කරන්න අපිත් සූදානම්. එත් ඉතින් කෝ අපට චාන්ස් එකක්.  අපිත් ඉතින් එක එක ඒවා ලියනවා තමයි. ඒත් ඉතින් අපව කවුද දන්නෙ? දැන් මට හතළිහක්. හැමදාම මෙහෙම ඉඳලා බැහැනේ. එක රැයින් ජනප්‍රිය වෙන්න ඕනෑ කියලා මමත් තීරණය කළා. ඒ නිසා මමත් ගීයක් ලිව්වා. රජ්ජුරුවන් ගැන තව ලියලා වැඩක් නැහැනේ. ඒ නිසා මම යුව රජ්ජුරුවන් ගැන ලිව්වා.  තනුව පරණ එකමයි. කොහොමත් ඉතින් එයාගෙ තනුවනේ මෙයා කියන්නේ.  එක රැයින් තාරකාවක් වෙන්න කැමති නංගි කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් වෙන්න හවසක මේ ගීය කියන්න. ආයුබෝ වේවා! යුවරජා‍ණනේ අප මහ රජුන් දුන් විවරණින්  පාතාල යකෙක් පහළව ඇතේ  ඒ යුව රජුන් පෑ පෙළහරින්  කැලනියට පවා කෙළ වුණේ// ආයුබෝ වේවා! යුවරජා‍ණනේ පෙම්දස් පතුල සිඹිමින් - ගනිමින් අල්ලා චන්ද්‍රිකාවන් ඡන්ද පන්දාහක් ගනිමින්  වීරවංසගෙ මහිමෙන්  දෙස් විදෙස් බඩ දඟලවාලයි  යුවරජා‍ණනේ  ආයුබෝ වේවා! යුවරජා‍ණනේ ආචාර්ය නාමෙන් හොර උපාධි ද ගනිමින් දුටුගැමුණු  ඉතිහාසයත් කා...