අජිත් අමාරුවෙ දැමීමේ එකම මඟ ශාස්තෲ කියවීම මිස මඟ හැරීම නොවේ.
( 2010 දෙසැම්බර් 04, සානුව ) කියවන්නේ වෙනසයි. වෙනස නොමැති තැන කියවීම නැත. කියවීමට අකුරු, ඇස හා මොළයේ සම්බන්ධයක් තිබිය හැකිය. එසේම අකුරු ගලක් මත කොටා තිබීම හෝ පත් ඉරුවක් මත ලියා තිබීම හේතු කොට ගෙන ඒවායේ ද කියවීමට සම්බන්ධයක් ඇත. එපමණක් නොව ඒ ඕනෑම පෘෂ්ඨයක් මතට ආලෝකය පතනය වී, ඉන් අනතුරුව පරාවර්තනයෙන් ඇස වෙත පැමිණෙන ආලෝක කිරණ නිසා දෘෂ්ඨිය සාධනය වන බැවින් කියවීමට ආලෝකයද සම්බන්ධ වන්නේය. ඒ කවරක් සම්බන්ධ වුවද කියවන්නේ වෙනසයි. ‘අ’ යන්න සහ ‘ර’ යන්න අතර වෙනස මිස ‘අ’ යන්නෙහි එහිම වු සාරයක් කියවනනේ නැත. ‘ර’ යන්නට ද අනෙක් අකුරු නොමැත්තේ නම් එහිම වු අනන්‍යතාවයක් නැත. එහෙත් කියවන විෂය (Subject) ඒ ඒ අකුරට වෙනස මඟ හැර සාරයක් ප්රක්ෂේපනය කිරීමට යත්න දරන්නේය. එවිට ‘අ’ යන්නට ‘ර’ යන්න හෝ ‘යා’ යන්න නොමැතිව ස්වාධීන පැවැත්මක් ඇතැයි සිතයි. නොඑසේ නම් එලෙස සිතීමට අවැසි පදනම සකසා ගනී. පාරභෞතිකය යනු මෙයයි. එනම් වෙනස මඟහැර පෙනෙන දෙය සාරයක් බවට පත් කර ගැනීමයි. මින් අනතුරුව වෙනස පෙන් වූ සැනින් සාරය/අනන්‍යතාවය තර්ජනයට ලක් වීමට නියමිතය. ඉන් ගැලවීමේ මඟ තහංචියයි. තහංචි පැනවීමයි. විෂය අනෙකා මතට ප්රක්ෂේපනය කළ...