කරුණ රසය දනවන කරුණා අම්මාන්
( 2010 දෙසැම්බර් 15, W3Lanka ) එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැගෙනහිර පළාතේ අණදෙන්නා සහ නියෝජ්‍ය නායකයා වූ කරුණා අම්මාන් ප්‍රසිද්ධව සිටියේ කොටි සංවිධානයේ දැඩි ම මතධාරියකු ලෙසයි. පසුගිය සටන් විරාම සමයේ පවා ඔහු හැසිරුණේ අනම්‍ය ස්වරූපයකිනි. බොහෝ දැඩි මතධාරීන්ගේ දැඩි මත ඔවුන්ගේ මෘදු අභ්‍යන්තරය වසාගෙන සිටින පිට කටු පමණක් බවට සාක්ෂි ඕනෑ තරම් ඇති අතර කරුණා අම්මාන් ද ඒ සඳහා ප්‍රබල සාක්ෂියකි. උගත් පාඩම් හා සංහිඳියා කොමිෂම ඉදිරියේ සාක්ෂි දුන් කරුණා අම්මාන් 1990දී දෙවන දෙමළ ඊලාම් යුද්ධය ආරම්භ වන අවස්ථාවේ කොටි සංවිධානය විසින් අත්අඩංගුවට ගන්නා ලද පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය කරන ලද බව පිළි ගත්තේ ය. වැඩේ කියන්නේ ඒ වන විට නැගෙනහිර කොටි නායකයා ව සිටි කරුණා අම්මාන් එහි සිට නැත. ඔහු සිටියේ යාපනයේ බව ඔහු කියයි. ඔහු සිටියා නම් සමහර විට මෙම යුද අපරාධය සිදු නො වන්නට තිබුණා ය කියා ප්‍රකාශ කිරීමේ උවමනාවක් කරුණා අම්මාන්ට තිබෙන්නට පුළුවන. වැරදි කර අසු වූ විට කවුරුත් කියන්නේ ඔහොම තමයි ය. කරුණා අම්මාන් ගොදුරු වී ඇත්තේ අනුකම්පාව දනවන ඉරණමකටයි. කොටි සංවිධානය විසින් ඔහු පිළිබඳ ගන්නා ලද තීරණයට...