ඇනොනිමස් ඇවිත් මස් කිරීම හා බ්ලොග් අවකාශයේ ගේම්
සැම රෙදි සේදී ජලෙනි පිරිසිදු වේවී සොඳිනී දන මන සෝදා ලන සේ ඔසු නැත මේ ලෝකයෙහි (මාතලන් චිත්‍රපටයේ ගීයක කොටසකි) සුන්දර ඉංගිරිසි මා ජනරළ පුවත්පතට ලියන කොලමකි. පසුගිය 13දා එය බ්ලොගයේ පළ කර මා නිවාඩුවක් සඳහා ගියේ අන්තර්ජාලය පැත්ත පළාතේ නෑවිත් පාඩුවේ ඉන්නට සිතාගෙන ය. බ්ලොගයේ පැත්තක සඳහන් කළා සේ ම " විරාමයක් ගන්න, ආපසු හැරී බලන්න, අලුතින් ජීවිතය අරඹන්න ..........." උවමනාවක් මට තිබිණි. අප්‍රේල් 15දා මා ටැබ් එකකින් සුළු වේලාවකට බ්ලොගයට පිවිසියේ කමෙන්ට් බලන්නට ය. එහි මාර වැඩක් වී තිබිණි. මාතලන් බ්ලොග්කරුවා කියා තිබූ කරුණක් වන්නේ කුල්ලට කියන ඉංගිරිසි වචනය පිළිබඳ කතාව මා වෙනත් බ්ලොගයකින් අසා දැනගෙන ලියූ එකක් බවකි. ඒ පිළිබඳ එම කතාව පළ කළ 'ඔරිජිනල්' බ්ලොග්කරුවාට ස්තුති නො කිරීම පිළිබඳ ආඩාපාලි රැසක් එහි කියා තිබිණි. ඇත්තෙන් ම, කුල්ලේ කතාව වනාහි ඉතා ප්‍රසිද්ධ, මුලින් ම ඇසූ කාල වකවානුව කවදාදැයි මට නම් මතක් කර ගන්නටත් අපහසු පැරණි කතාවකි. එහෙත්, මාතලන් ඉල්ලා සිටින නිසා එහි ගරුත්වය නිදහස් සිතුවිලි බ්ලොගය ලියන ලේඛකයාට පිරිනමමි. එකී බ්ලොගය මා එතරම් කියවා ඇති එකක් නො වේ. (ම...