හරියට ඉගැන්වීම, ටියුෂන්, පිට වැඩ හා ලංකාවේ අධ්‍යාපන ගැටලු
මෙය සාමාන්‍ය පංති කාමරයක් නො වන බව ඔබ දනියි මෙම ලිපිය ලියන්න හේතු වුණේ අපගේ පසුගිය ලිපිය හා සම්බන්ධව අධ්‍යාපනය ගැන මතු වූ සංවාදයක් ඉවහල් කරගෙනයි. මම ගුරු වෘත්තිය සලකන්නේ මගේ දේශපාලන ව්‍යායාමයේ කොටසක් හැටියට. නැතිනම්, මට වෙන රැකියාවක් තෝරා ගන්න ඕනෑ තරම් අවස්ථා ලැබී තිබෙනවා. ඒත්, මම ගුරු වෘත්තිය පරදුවට තිබ්බේ ජනමාධ්‍ය ක්ෂේ්‍ත්‍රයේ අවස්ථා කීපයක් වෙනුවෙන් විතරයි. එතැනත් තිබුණේ දේශපාලනික උවමනාවක්. ම වෘත්තීය භාෂා පරිවර්තකයෙක්, ලේඛකයෙක්, ජනමාධ්‍යකරුවෙක් විිධියට පදනමක් ගොඩනගා ගත් කෙනෙක්. ඒත්, මම ළමයින් එක්ක යෙදෙන මේ ඉගැන්වීමේ කාර්යය අතහැර දාන්න බලාපොරොත්තුවක් නැහැ, මාව මේකෙන් දොට්ට දැම්මේ නැතිනම්. මොකද, මේක සම්බන්ධ වෙන්නේ මගේ දේශපාලනයත් එක්ක. දේශපාලනය කීවා ම දැන් සමාජය තේරුම් ගන්නේ පක්ෂයක් හරි රාජ්‍ය නොවන සංවිධානයක් හරි එක්ක එකතු වෙලා ආණ්ඩුවට ජැක් ගහන්න හරි ගහලා තිබෙන ජැක් ගලවන්න හරි උත්සාහ කරන එක නේ. මම ඔය දෙකම කරන්නේ නැහැ. දේශපාලනය කියන්නේ ඔය කියූ දේ ය කියා හිතන අයට මම කියන්නේ මම දැන් දේශපාලනය කරන්නේ නැහැ ය කියලායි. ඊයේ මම පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාත් එක්ක පාසල් කාලයෙන් පසු සව...