ටයි මාරුව හා ගල් බොරළු යට ගොස් මතු වූ ගොමරිතිවල යුගය
නව රජය බලය තහවුරු කර ගනිමින් සිටියි. ඒ අතර දින සියයේ වැඩසටහන ද ඉදිරියට යමින් තිබේ. ඒ අතරතුර මහින්ද රාජපක්ෂ විසින් ප්‍රවර්ධනය කරන ලද මජර ක්‍රමයේ හොල්මන් ද තවමත් දකින්නට ලැබේ. ඒ අතර පළමුවැන්න වන්නේ තනතුරු බෙදා ගැනීමට ඇති පොරයයි. පැවති ආණ්ඩුවේ සිටි කපටි ම නිලධාරීහු ටික දැන් ටයි මාරු කරමින් සිටින්නේ ජනතාව තුළ පිළිකුලක් දනවමිනි. මොවුන් පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ පාලනයෙන් උපරිම වරප්‍රසාද භුක්ති විඳි අයයි. ඔවුන් සමග යහපාලනය ඇති කළ හැකිදැයි ඇතැමෙක් අසති. මෙහිදී මතු වන ගැටලුව වන්නේ මෙම තනතුරු ලබා දෙන්නේ කාට ද යන්නයි. පසුගිය සමයේ රාජ්‍ය සේවය පිරිහුණු තරමේ හැටියට ගල් බොරළු පතුලට ම කිඳා බැස උඩ මතු වී තිබෙන්නේ ගොමරිති ය. ඒ ගල් බොරළු පතුලට කිඳා බැස්සේ බලාපොරොත්තු සුන් කර ගනිමිනි. ඒ නිසා ගොමරිතිවල යුගය එහෙම ලෙහෙසියෙන් අවසන් වන්නේ නැත. ගොමරිති තව කලක් වැජඹෙනු ඇත. දක්ෂයන් මතු වන්නට මේ ගොමරිති බරපතල බාධාවකි. ඔවුන් දක්ෂයන්ට ඉදිරියට ඒමට ඉඩ දෙන්නේ නැත. ඉතින් අපි මෙම තත්වය කළමනාකරණය කර ගන්නේ කෙසේ ද? මෙහිදී මේ ගොමරිතිවලට තවත් අවස්ථාවක් දෙන්නට සිදු වීම වැළැක්විය නො හැකි ය. විශේෂයෙන් ...