Posts

Showing posts with the label පුවත්

ගොසිප් වෙබ් අඩවි ප්‍රධාන ධාරාවේ පත්තරවල පුවත් අමු අමුවේ කොපි කරන්නේ ඇයි?

Image
ගොසිප් හෙවත් ඕපාදූප වෙබ් අඩවි ලංකාවේ ලෝක ව්‍යාප්ත ජාලයේ හරි ජනප්‍රියයි නේ.  ඕපාදූප වෙබ් අඩවි සහ ඕපාදූප නො වන වෙබ් අඩවි මොනවාද කියා ‍වෙන් කර ගැනීමත් දැන් දැන් දුෂ්කරයි.  මේ ඕපාදූප වෙබ් අඩවි ගැන මම දැන් කලක සිට නිරීක්ෂණයක ඉන්නවා. මේ වෙබ් අඩවිවල 90%ක් ම පළ වන්නේ ජාතික පුවත්පත්වල පළ වුණ පුවත් හා විශේෂාංගවල කට් ඇන්ඩ් පේස්ට් හෙවත් අමු අමුවේ කොපි කිරීම්. හැබැයි, ඒවා කවදාවත් තමන් ඒ පුවත ලබා ගත් මූලාශ්‍රයවත් සඳහන් කරන්නේ නැහැ. ගොසිප් වෙබ් අඩවි සංස්කාරකවරුන් රඟපාන්නේ ඒවා තමන්ගේ ම සොයාගැනීම් වගේ. ඔවුන් අලුත් පුවත් හෝ ඕපාදූප ගෙන එන අවස්ථා ගණන ඉතා සීමිතයි. ගෙන එන ඕපාදූප ගත්තත් බොහෝ දුරට අල්ලේ පැලවෙන බොරු.  ගජබින්න ලංකාවේ ප්‍රවෘත්ති 'කලාවේ' ප්‍රධාන අංගයක්. සිදුවීම් පෙළ ගැසෙන හැටි බලා ඉඳලා රසවත් ප්‍රවෘත්ති පරිකල්පනය කරන්න සමත් මාධ්‍ය'වේදීන්' ලංකාවේ ඉන්නවා. මම පොඩි උදාහරණයක් පෙන්නන්නම්කෝ. දැන් මේ දවස්වල ඉන්දියාවත් ලංකාවත් අතර 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත සංශෝධනය කිරීම ගැන කතා බහ පැවැත්වෙනවානේ. ඉතින් නිර්මාණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරුවෝ සිය පරිකල්පනයෙන් මෙවැනි ප්‍ර...

අධික විදුලි බිල දරා ගැනීමට නො හැකිව සිදු වන මරණ

Image
අලුතින් ලැබුණු විදුලි බිල්පත ගෙවීම සඳහා ඊයේ (28 වැනිදා) පෙරවරුවේ කොළඹ, කොටුව විදුලිබල මණ්‌ඩල ප්‍රධාන කාර්යාලයට පැමිණි හැට එක්‌ හැවිරිදි පුද්ගලයකු හෘදයාබාධයක්‌ වැළඳී එම පරිශ්‍රයේ ඇද වැටී මියගොස්‌ ඇති බවක් අද පුවත්පත්වල වාර්තා වී තිබෙනවා. මේ අනුව අපි මේ මරණ ය මෙහෙම නම් කරමු ද? ‍අධික විදුලි බිල දරා ගැනීමට නො හැකිව මිය ගිය පුද්ගලයෙක්. මේ විදියට ඔය වස බොන, සිය දිවි නසා ගන්න අය ගැන වුණත් හොයලා ‍ඒ මරණ විදුලි බිල සමග සම්බන්ධ කරන්න පුළුවන්. කවුරුහරි වස බිව්වේ විදුලි බිල ආ දවසේ හරි, ඊට පසුදා හරි, ඒ සුමානේ හරි, විදුලි බිල ගෙවූ දා හරි, ඊට පසු දා හරි, ඒ සුමානේ හරි නම් අපට ලේසියෙන් ම පුළුවන් මේ මරණ විදුලි බිල එක්ක සම්බන්ධ කරන්න. ඔය විදියට පුවත් නිර්මානය කරන්න පුළුවන් 'මේ වන විට අධික විදුලි බිල දරා ගන්න බැරිව මෙච්චර පුද්ගලයන් සංඛ්‍යාවක් මිය ගිහින් තිබෙනවා' එහෙම කියලා. මේ ක්‍රමය ගොවීන්ගේ සිය දිවි නසා ගැනීම්වලදී ලංකාවේ විතරක් නොවෙයි ඉන්දියාවේත් සාර්ථකව පාවිච්චි කෙරුණා. ගොවීන් සිය දිවි නසා ගන්නේ ණය බර නිසා ය කියා මතවාදයක් නිර්මානය කරන්න පුළුවන් වුණා. සිය දිවි නසා ගන්න එවුන් එසේ කරන්න...

ජාතිවාදයට එරෙහිව ශ්‍රී ලංකා හමුදාව? පුහු විරුවන්ට රණ විරුවන්ව අභිමුඛ වෙයිද?

Image
DefenseNet විසින් හෙළිදරව් කර තිබුණු ලියුමක් DefenceNet බ්ලොගය 2009 ජුලි මාසයට පෙර කාලයේදී යුද්ධය පිළිබඳ ශ්‍රී ලංකා හමුදාවේ ප්‍රභූ වෘත්තික ඇසකින් ඉදිරිපත් කරන ලද තොරතුරු හා විශ්ලේෂණ කියවන්න  මහත් සේ උපකාරී වුණා.  2009න් පසු එහි අප්ඩේට් වීම නවතා දමා තිබුණත්, එහි ෆීඩ්ස් සඳහා දායක වී සිටි අයට අද උදේ වනවිට එහි අලුත් අප්ඩේට් එකක් ලැබී තිබුණා. කියන විධියට ශ්‍රී ලංකා හමුදාවේ ඉහළ පෙළේ වෘත්තිකයන් පිරිසක් විසින් කරනු ලබන මේ බ්ලොගය 2009න් පසු යාවත්කාලීන නොවුණේ කොටි සංවිධානයේ ජාතිවාදයට එරෙහිව කළ යුද්ධය අවසන් වූ නිසා. දැන් ඔවුන් යළි පැමිණ තිබෙන්නේ ජාතිවාදයට එරෙහි අලුත් යුද්ධයක් අවශ්‍යයි කියමින්.  කොටි සංවිධානයට එරෙහි යුද්ධය මානුෂික මෙහෙයුමක් යයි මේ බ්ලොගයෙන් කළ හඳුන්වාදීම අපි පිළි ගත්තේ නැති වුණාට එමගින් සපයන ලද තොරතුරු ඉතා වැදගත් වුණා.  කෙසේ වෙතත්, ඔවුන් පටන් ගන්න යන බව කියන අලුත් මෙහෙයුම ජාතිවාදයට එරෙහි බවයි කියවෙන්නේ. විශේෂයෙන්ම හමුදා ජයග්‍රහණ තමන්ගේ ජයග්‍රහණ සේ හුවා දක්වමින් සුළු ජාතීන්ට, ආගමිකයන්ට එරෙහිව මතු වී තිබෙන අලුත් වීරයන්ට එරෙහිවයි, මේ මෙහෙයුම.  අප...