අධික විදුලි බිල දරා ගැනීමට නො හැකිව සිදු වන මරණ
අලුතින් ලැබුණු විදුලි බිල්පත ගෙවීම සඳහා ඊයේ (28 වැනිදා) පෙරවරුවේ කොළඹ, කොටුව විදුලිබල මණ්‌ඩල ප්‍රධාන කාර්යාලයට පැමිණි හැට එක් හැවිරිදි පුද්ගලයකු හෘදයාබාධයක් වැළඳී එම පරිශ්‍රයේ ඇද වැටී මියගොස් ඇති බවක් අද පුවත්පත්වල වාර්තා වී තිබෙනවා. මේ අනුව අපි මේ මරණ ය මෙහෙම නම් කරමු ද? අධික විදුලි බිල දරා ගැනීමට නො හැකිව මිය ගිය පුද්ගලයෙක්. මේ විදියට ඔය වස බොන, සිය දිවි නසා ගන්න අය ගැන වුණත් හොයලා ඒ මරණ විදුලි බිල සමග සම්බන්ධ කරන්න පුළුවන්. කවුරුහරි වස බිව්වේ විදුලි බිල ආ දවසේ හරි, ඊට පසුදා හරි, ඒ සුමානේ හරි, විදුලි බිල ගෙවූ දා හරි, ඊට පසු දා හරි, ඒ සුමානේ හරි නම් අපට ලේසියෙන් ම පුළුවන් මේ මරණ විදුලි බිල එක්ක සම්බන්ධ කරන්න. ඔය විදියට පුවත් නිර්මානය කරන්න පුළුවන් 'මේ වන විට අධික විදුලි බිල දරා ගන්න බැරිව මෙච්චර පුද්ගලයන් සංඛ්‍යාවක් මිය ගිහින් තිබෙනවා' එහෙම කියලා. මේ ක්‍රමය ගොවීන්ගේ සිය දිවි නසා ගැනීම්වලදී ලංකාවේ විතරක් නොවෙයි ඉන්දියාවේත් සාර්ථකව පාවිච්චි කෙරුණා. ගොවීන් සිය දිවි නසා ගන්නේ ණය බර නිසා ය කියා මතවාදයක් නිර්මානය කරන්න පුළුවන් වුණා. සිය දිවි නසා ගන්න එවුන් එසේ කරන්න...