ආදරයේ ගැඹුර සොයා යන ආදරවන්තයනි, ඔබට ජය වේවා!
(2011 පෙබරවාරි 14, W3Lanka ) අද ආදරවන්තයන්ගේ දිනයයි. මෙම දිනයට යොදා ඇති නම හිමි වැලන්ටයින් නම් ශාන්තුවරයා පිළිබඳ ඇති කතා ද ආදරය සේ ම ඓතිහාසික මූලාශ්‍රවලින් විද්‍යාත්මකව ඔප්පු නො කරන ලද, අතාර්කික ඒවා ය. අපි ඒ ඉතිහාසය සොයන්නට නො වෙහෙසෙමු. වැලන්ටයින් ගැන ඇති එක් කතාවක් අපේ සිත් ගනියි. ඔහු එක් යුද සමයකදී පිරිමින් යුද්ධයට යැවීම පිණිස රජු විසින් විවාහය තහනම් කර තිබූ කාලයක තරුණ, තරුණියන් විවා පත් කළ පූජකවරයෙකි. ඒ වෙනුවෙන් ම දිවි පිදූවෙකි. වැලන්ටයින් යුද විරෝධියකු ලෙස සැලකීමට අප කැමති ය. ලංකාවේ පාලකයන් විසින් තඹ දොයිතුවකට මායිම් නො කරනු ලබන මානව හිමිකම් සැමරීමට පවා දිනයක් වෙන් කර තිබියදී ආදරය සැමරීමට ජනතාව දිනයක් වෙන් කර ගත්තාට කාටවත් ඇති අමාරුව කුමක් ද? එදාට ආදරවන්තයාට, ආදරවන්තියට රෝස මලක් තෑගි දුන්නා ම, හාද්දක් දුන්නා ම රටේ සංස්කෘතියට සිදු වන හානියක් නැත. වැලන්ටයින් දිනය බටහිරින් ආ සංස්කෘතික ලක්ෂණයක් බව සැබෑ ය. එය ප්‍රවර්ධනය කිරීම පිටුපස වෙළඳ අරමුණු ඇති බව ද සත්‍යයකි. වැලන්ටයින් විරෝධීන් නො දන්නා කාරණයක් වන්නේ වර්තමානයේ වෙසක් පොහොය හා සම්බන්ධව ඇති ආමිස පූජා බොහොමයක් ම හෙන්රි...