'උගතුන්' බිහි වීමේ වධයෙන් ආණ්ඩුව බේරා ගැනීමට බාහිර උපාධි ලියාපදිංචිය අත්හිටුවීම
(2011 පෙබරවාරි 09, W3Lanka ) සාමාන්‍ය රටකට නම් උගතුන් ආශිර්වාදයකි. එහෙත් ආසියාවේ ආශ්චර්යය වන ලංකාවේ රජයට නම් උගත්තුතු මළ වධයකි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයක් අනුව දැන් සියලු විශ්ව විද්‍යාලවල බාහිර උපාධි සඳහා සිසුන් ලියාපදිංචි කිරීම අත්හිටුවා තිබේ. ඒ වගත් මෙසේ ය: ලංකාවේ විශ්ව විද්‍යාල විසින් බඳවා ගනු ලබන්නේ අ.පො.ස. උසස් පෙළ සමත් වන සිසුන්ගෙන් තුනෙන් පංගුවකටත් අඩු සුළු පිරිසකි. බලාපොරොත්තු සුන් වූ සෙසු පිරිසගෙන් කොටසක් බාහිර උපාධි සඳහා ලියාපදිංචි වෙති. වැඩි දෙනෙකු හදාරන්නේ කලා විෂය ධාරාවයි. විද්‍යා, වානිජ්‍ය විෂය ධාරාවන්ගෙන් බාහිර උපාධි ලබා ගැනීම ඉතා අඩු මට්ටමක පවතී. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් පවත්වාගෙන යනු ලබන බාහිර කලා උපාධි කඩවල කරන්නේ සටහන් දීමයි. ඒ සටහන් කට පාඩම් කරගෙන විභාගවලදී උත්තර ලිවීමෙන් බාහිර උපාධියක් ලබා ගත හැකි ය. උපාධිය බාහිර වුණා ය කියා එහි සහතිකයේ මුහුණ වටිනාකම අඩුවක් නැත. උපාධිධාරීන්ට රජයේ රැකියා දෙන විට බාහිර උපාධිධාරීන්ට ද ඒවා හිමි වේ. අභ්‍යන්තර කලා උපාධිධාරීන් ද කරන්නේ සටහන් කට පාඩම් කරගෙන උත්තර ලියා උපාධි...