Posts

Showing posts with the label වැසිකිලි

කාන්තාවන් වෙනුවෙන් අත්බෑගයේ ගෙන යා හැකි වැසිකිළියක්

Image
(2009 සැප්තැම්බර් 13 - W3Lanka) ගැහැනුන්ට වැසිකිළි හිඟකම ලංකාවේ නම් බරපතල ප්‍රශ්නයක්. පිරිමින්ට වගේ පාරවල් අයිනේ ඒ දේ කරන්න බැරිකම නිසා කාන්තාවන් සෑහෙන දුකක් විඳිනවා. මේ ප්‍රශ්නයට විසඳුම් ලෙස ලේඩිබෑග් නම් භාවිතා කර ඉවත දැමිය හැකි ජංගම වැසිකිළි විශේෂයක් ජර්මනියේ ඊවා වින්ටර් නම් කාන්තාව හඳුන්වා දී තිබෙනවා. නවා පහසුවෙන් අත් බෑගයේ දමාගෙන යා හැකි මෙම ජංගම වැසිකිළිය දිග හැරිය විට එයට පුළුල් විවරයක් තිබෙන නිසා එය සිටගෙන, වාඩි වී හෝ උක්කුටික ඉරියව්වෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා වාහනයක් තුළ හෝ වෙනත් ආවරණයකදී මෙය පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන්. එහි තිබෙන තෙත උරා ගන්නා පොලිමර් (බහුඅවයවක) විසින් මුත්‍රා උරාගෙන ජෙල් බවට පත් කරනවා. එයින් දුර්ගන්ධයක් පිට නොකරන අතර ඕනෑම කසල බැහැර කරන ස්ථානයකට දැමිය හැකිය. පරිසරයටද හානිකර නැත. මෙම වැසිකිළියට මුත්‍රා පයින්ට් 2.2ක උපරිමයක් උරා ගත හැකියි. එක් වරක් පමණක් භාවිතා කිරීම සඳහා නිර්දේශ කර තිබෙන මෙය දැනට තුනේ පැකට් වශයෙන් ඩොලර් 10කට ආසන්න මිළකට වෙලඳපොළට හඳුන්වා දී තිබෙනවා.