Posts

Showing posts with the label ජනාධිපති උපදේශක

ජනාධිපති ලටපට මඩුවේ උපදේශක තනතුරු

Image
ලංකාවෙ මිනිස්සු කැමති නැහැ, පාවිච්චි කළ පරණ බඩු කුණු ලොරියට දෙන්න. ඒකට හේතු කීපයක් තියෙනවා.  මට හිතෙන්නේ පළමු කාරණය තමයි කුණු ලොරියේ එකා ඒවා වැඩි ගානට විකුණාගනියි කියා හිතා ඇතිකරගන්නා ඉරිසියාව. කවුරුහරි අපි වීසි කරන ඒවා අරන් හදාගෙන පාවිච්චි කරනවා දකින්නත් අපි කැමති නැහැ.  සමහරවිට ඒ භාණ්ඩය කවදාහරි නැවත උවමනාවෙන්න ඉඩ තියෙනවාය කියලා හිතන එකත් තවත් හේතුවත්. ඒ වුණාට උවමනාවෙන්නේ බොහොම කලාතුරකින්.  සමහරවිට මේ පරණ බඩු කලක් තිබුණාම ඒවාට එකතු වෙන පෞරාණික වටිනාකම නිසා පරම්පරාවෙ වෙන කෙනෙකුට හරි ඒක ගානකට විකුණාගන්න පුළුවන් නිසාත් තියාගන්නවා. හරියට අර ගෙම්බා මහන මැෂින් වගේ.  ඉතින් මේ වගේ බඩු පුරවාපු මඩුවක්, කාමරයක් වැනි මොකක් හෝ තැනක් හුඟක් ගෙවල්වල තියෙනවා.  ආණ්ඩුවට හෙවත් රාජපක්ෂ පවුල් පාලනයට තිබෙන මෙවැනි තැනක් තමයි, ජනාධිපති උපදේශක අංශය. මේකේ බැසිලුත් ඉන්නවා. එයා උපදෙසුත් දෙනවා. වාසුත් ඉන්නවා. එයත් හිතන් ඉන්නවා එයා ජනාධිපතිතුමාට උපදෙස් දෙනවා කියා.  ඒත්, හුඟදෙනෙක් දන්නවා මේක ලොක්කා තමන්ට දුන්නේ මහජන මුදලින් කාලා ඇඳලා, මහජනතාවට ලොකුව පෙන්නගෙන ජීවත්වෙන්න මිසක...

ජනාධිපති උපදේශකාලංකාරය

Image
(2009 සැප්තැම්බර් 10 - W3Lanka) ජනාධිපතිට හිමි වරප්‍රසාද අතරින් එකක් වන්නේ තමන්ට රිසි පරිදි උපදේශකයන් කැමති ගණනක් පත් කර ගැනීමයි. මෙම සංඛ්‍යාවට සීමාවක් පැනවෙන්නේ ඔවුන්ට වැටුප් හා වාහන, දුරකථන, නිවාස වැනි වෙනත් පහසුකම් ලබා දීම සඳහා ප්‍රතිපාදන සීමා වීමෙන් පමණි. ජනාධිපති මහින්ද රාජපක්ෂට මෙම සටහන තබන මොහොත වන විට උපදේශකයෝ අඩුතරමේ හතළිහක්වත් සිටිති. ජනාධිපති උපදේශකවරුන් තිස්‌අට දෙනාගෙන් විසි දෙදෙනකු සඳහා 2008 වසරේදී රුපියල් එක්‌කෝටි දාහත් ලක්‍ෂ විසිනව දහස්‌ හයසිය පනස්‌ තුනක මුදලක්‌ දීමනා ලෙස ගෙවා ඇතැයි  ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන සැප්තැම්බර් 08දා පාර්ලිමේන්තුවේදී පැවැසීය.උපදේශකයන් දහසය දෙනකු සේවය කරන්නේ වැටුප් නොලබමින් බවද ගුණවර්ධන ප්‍රකාශ කළේය. ජනාධිපතිට ක්‍රිකට් ගැන. සිනමාව ගැන පවා උපදේශකවරු සිටිති. සෑම උපදේශකවරයකුම එක හා සමාන වන්නේ නැත. ඇතැම් උපදේශකවරු මේ රටේ ද නැත. ඔවුන්ට ලබා දෙන වැටුප් හා වරප්‍රසාද ද විවිධ ය. සමහර උපදේශකවරුන්ට ජනාධිපතිට උපදෙස් දීමට තබා ...