Posts

Showing posts with the label අනර්කලී ආකර්ශා

ගීතා කුමාරසිංහ, මේජර් අජිත්, වේසි, පොන්නයා හා ස්ත්‍රීවාදිනිය

Image
නදීෂාගේ තිබෙන්නේ ආසියානු ලස්සන. ආසියාවේ මිනිස්සු බටහිර slim කෙට්ටුවට කැමති නැහැ. දැන් ගීතා කියනවා ඇය දකුණු පළාත් සභා මහ ඇමති වන්නට තරග කරනවා ය කියලා. ඒ එක්කම පසුගිය දිනෙක රැස්වීමකදී වලියක් යනවා. ඒකෙදි අර මේජර් අජිත් ප්‍රසන්න කියන දේශපාලකයා ගීතාට වේසි කියනවා. ඇය නිදා නොගත් මිනිහෙක් නැති බවත් කියනවා. එත‍කොට ගීතා ඔහුට බනිනවා පොන්නයා කියලා. ඊට පස්සෙ අජිත් ප්‍රසන්න උපවාසයක් ද මොකක් ද කරනවාලු. දැන් මෙතන තිබෙන දේ මෙන්න මෙහෙම දකින්නත් පුළුවන්. ලංකාවේ දේශපාලනයේ 99%ක් ම ඉන්නේ පිරිමි. උන් බහුතරය පල් හොරු. එතකොට උන්ට එ‍රෙහිව දේශපාලනයට එන අනෙක් අය වේසියෝ. ඊයේ මම ලංකාවේ ෆෝබ්ස් සඟරාවේ ලංකාවේ බලවත් ගැහැනු 50 ගැන පළ වූ ලිපියක් මෙහි දැක්වූවා. මම හිතන්නේ මේ කාන්තාවන් තුළ දේශපාලනයට එන්න කිසිදු අදහසක් නැහැ. අප දන්නා ආයතන බොහොමයක ප්‍රධානියෝ කාන්තාවෝ. මේ කාන්තාවෝ බොස්ලා විදියට හරි තදයි. අනම්‍යයි. මම දැනට කරන පූර්ණ කාලීන රැකියාවේත් මගේ බොස් කාන්තාවක්. අැය මට වඩා තරුණ කෙනෙක්. කාන්තාවන්ට විතරක් නෙමෙයි, මහත්මා ගති තිබෙන පිරිමින්ටත් ලංකාවේ දේශපාලනයේ සාර්ථක වන්න බැහැ. දේශපාලනයට පැමිණ තිබෙන සමරිසි ල...

W3Lanka නිෂ්පාදනයක් වන 'රන්මිනිතැන්න' චිත්‍රපටයේ කතාව | Story of Ranminithenna movie

Image
(2010 මාර්තු 29- W3Lanka  )  ජනාධිපතිතුමා අතින් මහ ඡන්දයට පෙර විවෘත වන රු. මිලියන 600ක වියදමින් තිස්සමහාරාමයේ රන්මිනිතැන්න ගමේ අක්කර 200ක භූමියක ඉදි කරන ලද ටෙලි සිනමා ගම්මානයේ චිත්‍රපටයක් රූපගත කිරීම සඳහා අප විසින් තිරනාටකයක් ලියමින් තිබේ. 'රන්මිනිතැන්න' නම් වන මෙම චිත්‍රපටයේ කතාව මෙසේයි: රෙනෝ නම් කූට ව්‍යාපාරිකයෙක් සිටියි. ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වන ඔහුගේ සෙල්ලක්කාර මල්ලී වන දුමින්ද, ආකර්ශා නම් සුරූපී තරුණියක් පැහැරගෙන යයි. කෙල්ලගේ අම්මා වන ගීතා මේ පිළිබඳ ම‍හින්ද නම් වූ වීරයාට පවසයි. වීරයා වහා කෙල්ල බේරා ගැනීම සඳහා පිටත් වේ. මේ අතර, අධ්‍යාපනය සඳහා පිටරට ගොස් සිට පැමිණෙන වීරයාගේ පුතා වන නාමල් ගුවන් තොටුපළේ පියා නොදැක ඔහු කොහි ගියේදැයි මවගෙන් අසයි. "අන්න අර සක්කරවට්ටමක් එක්ක කාවද නැට්ටච්චියෙකු බේරා ගන්න කියල ඔය ගියේ," යි අම්මා කියයි. "එහෙම කියන්න එපා අම්මා, මපියාණන්ගේ උතුම් අරමුණු ඔබ නොදන්නෙහිද? මපියාණන්ට දැන් මගේ උපකාර අවශ්‍යව තිබේ. එහෙයින් මම වහා පිටත් වෙමි," යි කියමින් නාමල් වහා පිස්තෝලයට පතුරම් පුරවාගෙන නවීන පන්නයේ ක්‍රීඩා වාහනයකින් හෙ...

අනර්කලී අක්කිට ඇයි මෙහෙම කරදර

Image
(2009 සැප්තැම්බර් 23 - W3Lanka) අනර්කලී අක්කිට මුතුහෙට්ටිගම අයියා ඇතුළු ගාලු දිස්ත්‍රික්කයට තරග කරන ඇතැම් සන්ධාන අපේක්ෂකයන්ගෙන් තරදරය. එක්සත් ජාතික පක්ෂයේ දයාසිරි, මනුෂ වගේ අයියලා ද එයාට අපහාස කතා කියති. රඟපානවා කියන්නේ වෙනින් මොකක්ද අමුතු දෙයක් කරනවා වගේ ස්වරයකින් රංජන් රාමනායක අයියා කියන්නේ "එයා ඉතින් මා එක්ක රඟපාපු එක්කෙනානෙ" කියායි. අප නම් කියන්නේ අනර්කලී අක්කිත් ලංකාවේ අනෙකුත් දේශපාලකයන් වගේම ඒ වැඩේට නුසුදුසු කෙනෙක් බවයි. වැඩි නුසුදුසුකමකට තියෙන්නේ ඇය ගැහැනියක වීම පමණයි. නුසුදුසු නායකයන්ව ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඡන්දය දීලා පත් කරගන්න මේ රටේ මහජනතාවත් ඇත්තෙන්ම කිව්වොත් ඡන්දදායකයන් වෙන්න සුදුසු අය නොවෙයි. ඒත් ඉතින් මක් කොරන්නද? සුද්ද දීල ගියපු සර්ව ජන ඡන්ද බලේනෙ. මොකෝ එපා කියන්නයැ.  ගැහැනියක වන අනර්කලී අක්කිට සපෝට් එකක් වශයෙන් අපි අපේ පරණ බ්ලොග් පෝස්ට් එකක් නැවත පළ කරනවා. කියවලා බලන්න. අනර්කලී: දකුණු පළාත් ඡන්දයේ දිදුලන තරුව අජිත් පැරකුම් ජයසිංහ විසිනි ජනප්‍රිය නිළි අනර්කලී ආකර්ශා මාතර දිස්ත්‍රික්කයෙන් දකුණු පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වීම බොහෝ දෙනෙකුගේ උප...

අනර්කලී: දකුණු පළාත් ඡන්දයේ දිදුලන තරුව

Image
අජිත් පැරකුම් ජයසිංහ විසිනි ජනප්‍රිය නිළි අනර්කලී ආකර්ශා මාතර දිස්ත්‍රික්කයෙන් දකුණු පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වීම බොහෝ දෙනෙකුගේ උපහාසයට හා අපහාසයට නිමිත්තක් වී තිබේ. ඉහළ දේශපාලන සම්බන්ධයක් හරහා පළාත් සභා අපේක්ෂකත්වය දිනා ගත්, 'සුදුසුකම්' රහිත පළමු හා එකම තැනැත්තිය ඇය ලෙසයි, ඇතැමෙකුට පෙනෙන්නේ. ලංකාවේ දේශපාලනය සඳහා අවශ්‍ය සුදුසුකම් නිශ්චිතව අර්ථකථනය කළ නොහැක. අනර්කලී නුසුදුසු යයි කියන අය හමුවේ ඇති ලොකුම අභියෝගය වන්නේ මැතිවරණ අපේක්ෂකයකු සතු විය යුතු සුදුසුකම් මොනවාදැයි පෙන්වා දීමයි. යකාගේ හැටිය‍ට විමානය කිව්වා සේ රටක පාලකයන් බිහි වන්නේ ඒ රටේ ජනතාවගේ හැටියටය. නීතිය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පවා කීර්තිමත් මහාචාර්යවරයතු වන ජී. එල්. පීරිස් සිටින මේ ආණ්ඩුවේ නීතිය පිළිබඳ වගකියන්නේ මහජන මුදල් අපහරණය කළ නීති විරෝධී ක්‍රියාවල යෙදුන බවට කෝප් වාර්තාවේ සඳහන් වූ කෙනෙකි. සසිරිබර මෙසිරිලක හැටි එහෙමය. මාතර දිස්ත්‍රික්කයම වෙනුවෙන් සන්ධාන ලැයිස්තුවට දමන ලද අනර්කලී එම දිස්ත්‍රික්කයෙන් සොයා ගත හැකි සුදුසුම ගැහැනිය නොවන බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. මක් නිසාද යත්, සියයට අනූනමයක්ම පිරිමින් වන  මේ ...

අනර්කලී ගැහැනියකි; පීඩිත සමාජ කණ්ඩායමක නියෝජිතයෙකි

Image
(2009 සැප්තැම්බර් 02 - W3Lanka) ජනප්‍රිය නිළි අනර්කලී ආකර්ශා මාතර දිස්ත්‍රික්කයෙන් දකුණු පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වීම බොහෝ දෙනෙකුගේ උපහාසයට ලක් වී තිබේ. අනර්කලී අපහාසයට ලක්වන අන්දමින්ඇගේ ඡන්ද පෝස්ටරක් ලෙස සකස් කරන ලද විද්‍යුත් තැපෑලෙන් බෙදා හරින ලද මෙහි පළ වන රූපය ඇය ලංකාවේ සංස්කෘතික සීමාවන් තුළ කෙතරම් අපහාසයකට ගොදුරු වනවාද යන්නට දෙස් දෙයි. අපි එම සංස්කෘතික සීමාවන්ගේ වහලුන් නොවෙමු. ‍ඒ නිසා අනර්කලීගේ යයි කියන මෙම සුන්දර රූපය පළ කිරීමට අපි බිය නොවෙමු. පළාත් සභා මන්ත්‍රී පිරිමි බොහෝ අදේශපාලනික ගැහැනුන් සිය යහනට නංවා ගනිති. ඒ කැමැත්තෙන් හෝ බලෙන් හෝ චාටුවෙන්ය. ඇය වැනි සුන්දර පළාත් සභා මන්ත්‍රී කෙනෙකු සිහිනෙන් හෝ යහනට එන්නේ නම් මම නම් මගේ මනාප තුනම දෙන්නෙමි. යකාගේ හැටිය‍ට විමානය කිව්වා සේ රටක පාලකයන් බිහි වන්නේ ඒ රටේ ජනතාවගේ හැටියටය. නීතිය පිළිබඳ කීර්තිමත් මහාචාර්යවරයතු වන ජී. එල්. පීරිස් සිටින මේ ආණ්ඩුවේ නීතිය පිළිබඳ වගකියන්නේ කෝප් වාර්තාව අනුව නීතිය ක්‍රියාත්මක කළා නම් සිරගෙදර ලගින්නට සිදු වන කෙනෙකි. සසිරිබර මෙසිරිලක හැටි එහෙමය. මාතර දිස්ත්‍රික්කයම වෙනුවෙන් සන්ධාන ලැයිස්තුවට දමන ලද...