ගස් බඳින රඟපෑම් ද අසභ්‍ය රැඟුම් සේ තහනම් කළ යුතු ය
( 2010 සැප්තැම්බර් 01, W3Lanka ) කැලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මන්ත්‍රී මර්වින් සිල්වා කළ ගස් බැඳීම තමන් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු එක්‌ව ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් කළ රඟපෑමක් බවට එම සිද්ධියට මුහුණපෑ සමෘද්ධි සංවර්ධන නිලධාරියා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු දිවුරුම් පෙත්සම් දෙකක් විනය කමිටුවට ලබා දී තිබෙන නිසා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහු විනය පරීක්ෂණයෙන් නිදහස් කර නැවත කැලනියආසන සංවිධායක ධුරය ලබා දී ඇත. ජනාධිපතිවරයා නුදුරු අනාගතයේදී ම මොහු නැවත නියෝජ්‍ය ඇමති තනතුරේ හෝ ඇතැම් විට කැබ්නට් ඇමති ධුරයක පිහිටුවීමට ඉඩ තිබේ. ජංගම දුරකථන ඔස්‌සේ ප්‍රචාරය කළ අසභ්‍ය වීඩියෝ දර්ශන සඳහා පෙනී සිටි තරුණ තරුණියන් හැට දෙනකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රකාශකයෙක් පසුගිය "දිවයින ඉරිදා සංග්‍රහය"ට පවසා තිබිණි. අසභ්‍ය වීඩියෝ දර්ශන සඳහා පෙනී සිටීම කියන්නේ ද රංගනයකි. ඒ රංගනය තහනම් බව මෙම පුවත අනුව පෙනේ. ඒවා තහනම් කරන්නට ඇත්තේ ඒවා බලා මිනිසුන් යම් අනර්ථකාරී හැඟීමක් ඇති කර ගන්නා නිසා වන්නට පුළුවන. කැලනියේ මර්...