ඉබ්බාගමුවේ බාල වයස්කාර කිරි දෙන මවකට පිරිමි සිය ගණනක් වට වී පොල් පිත්තකින් පහර දීලා

(2010 අගෝස්තු 14, W3Lanka)  ඔබ ජීවත් වන රටේ වයස අවුරුදු 17යි මාස අටක් වන, අසනීපයෙන් සිටි, බාල වයස්කාර, දෙමස් වියේ දරුවකුට කිරි දෙන, එක් දරු මවකට පිරිමින් සිය ගණනක් වට වී එක් ගැහැනියක් ඇයට කණට ගසා, මහ පාරේ බිම දමාගෙන පොල් පිත්තකින් පිට මැදට සිය වරකට වඩා පහර දී ඇතැයි එම කාන්තාවගේ සැමියා (මෙම විවාහය නීත්‍යනුකූල ද යන්න ප්‍රශ්නයකි.) පොලිසියට පැමිණිලි කර ඇති බව ඔබ දන්නවාද?


මේ පිළිබඳ පොලිසියට කළ පැමිණිල්ලට අදාළව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද, පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සිට ළමා සංවර්ධන හා වනිතා කටයුතු ඇමති හා නියෝජ්‍ය ඇමති ධුර දරන සිංහල හා මුස්ලිම් පිරිමි දෙන්නා දක්වා සියලු දෙනාත් නිහඬ බව ඔබ දන්නවාද?


මෙම සිද්ධිය පිළිබඳව වාර්තා වන්නේ ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවියේ ය. සිද්ධියට මුහුණ දුන් බාල වයස්කාරියගේ සැමියා‍ කරන ප්‍රකාශයේ හඬපටයක් ද ඇත.


සිද්ධිය සිදු වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොකරැල්ල පොලිස් වසමේ ඉබ්බාගමුවේ පිලැස්ස, මුංදූව ගමේ ය. සිද්ධිය වූ දිනය මෙම විස්තරයේ අඩංගු වන්නේ නැත.


මෙම කාන්තාව මාවතගම රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇත. මාවතගම පොලිසියේ පැමිණිල්ලක් කර ඇත. සිද්ධියට අදාළ පොලිසිය වන ගොකරැල්ල පොලිසියට ද මේ පිළිබඳ වාර්තා වී ඇත.


දඬුවම දී ඇත්තේ ගමේ මුස්ලිම් පල්ලියේ ඉස්ලාම් අන්තවාදී පාලකයන් විසිනි.


ලංකාව ඉස්ලාම්, බෞද්ධ, හින්දු හෝ ක්‍රිස්තියානි මූලධාර්මික රාජ්‍යයක් නොව බහු ආගමික, බහු ජාතික රාජ්‍යයකි. කාන්තා හා ළමා හිමිකම්වලට විශේෂයෙන් ගරු කර, මානව හිමිකම් නිතිගත කළ රාජ්‍යයකි. 


එහෙත්, නීතියේ පාලනය ඇති කිරීමට පොලිසිය බරපතල ලෙස අසමත් වෙමින් තිබේ. ඇමතිවරු රජයේ නිලධාරීන් ප්‍රසිද්ධියේ ගස් බඳින විට පොලිසිය ඒවා නිරීක්ෂණය කරයි. වහා අත්අඩංගුවට ගත යුතු මෙම අපරාධකරු ආරක්ෂා කරයි. 


අප සමලිංගිකත්වය පිළිගන්නා මුත් ලංකාවේ නීතිය අනුව එය දඬුවම් ලැබිය යුතු වරදකි. දුප්පත් මව්පියන් වෙතින් ලබා ගන්නා බාල වයස්කාර දරුවන් ආගමික ස්ථානවලදී සමලිංගික ක්‍රියාවලට යොදා ගැනීම පැහැදිලිව ම අපයෝජනයකි. ලංකාවේ නීතිය මෙබඳු අපරාධ ඉදිරියේ බොහෝ දුරට අක්‍රිය ය. 


ලංකාවේ පාසල් ළමා අපයෝජනයේ මධ්‍යස්ථාන වනමුත් ඒ පිළිබඳ සොයා බලන්නට කෙනෙක් නැත. 


ළමයින් යුද්ධයට යෙදවූ කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ පමණින් සියල්ල අවසන් වී නැත. 


ශිෂ්ටත්වයට තව බොහෝ දුර ය. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. This is the nature of SL society. Not only Muslims but also the Sinhalese and the Tamils also have the similar uncivilized & undemocratic practices. The so-called democracy and civilization is just a topping only. When think about the ruling circle and constitution we don't have this topping also.

    ReplyDelete
  3. This is not the nature of Sri Lankan society, this is the nature of MUSLIM’S FUNDAMENTAL RULE which they freely implementing in their countries like Saudi,Pak,Iran,etc…..these rubbishes r trying to do the same in Sri Lanka as well. We must eliminate these kinds of things at the first attempts itself

    ReplyDelete
  4. Yes, I agree with the second comment, this is not the nature of our society. We should get together and stop this kind of idiotic acts. They say its for the name of the god, but i would say their cultre has gone to the dog.

    Sahan.

    ReplyDelete
  5. me thambinta P.... amaruwada danne ne??

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා