Posts

Showing posts with the label සත්ව පනත

ආගමේ නාමයෙන් කෙරෙන සියලු හිංසනයන් පිටුදැකිය යුතු ය | Cruelty covered to religion should be banned

Image
( 2010 අගෝස්තු 31,  W3Lanka )  මුන්නේශ්වරමේ සත්ව බිලි පූජාව ආගමේ නාමයෙන් සිදු වු කෲර හිංසනයක් බවට කිසිදු විවාදයක් නැත.  මිනිසුන් මස් ආහාරයට ගැනීම පිළිබඳ අපගේ විරෝධයක් නැති මුත්, ශිෂ්ටත්වයෙන් අංශු මාත්‍රයක් හෝ තිබෙන සමාජයකට නො හොබිනා වූ, ප්‍රදර්ශනාත්මකව පැවැත්වෙන මෙවැනි කෲර සත්ව හිංසනයන් අනිවාර්යයෙන් ම තහනම් කළ යුතු ය.  එහෙත්, ඒ සමගම සිතිය යුතු තවත් කාරණා තිබේ. ආගමේ නාමයෙන් කටු ගසාගෙන, කොකුවලින් එල්ලීගෙන වීදිවල ප්‍රදර්ශනය වෙමින්, සෙසු මිනිසුන් තුළ පිළිකුල හා සංත්‍රාසය ඇති කරන මිනිස් ස්වයං හිංසනයන් පිළිබඳව ද අප සිතා බැලිය යුතුව තිබේ.  එසේ ම, සාමාන්‍ය ජිවිතයේදී දිනකට සැතපුම් පනහකටත් වඩා සැරිසැරීමේ ජෛවී අවශ්‍යතා ඇති අලි ඇතුන් අල්ලා, මුළු ජීවිත කාලය පුරා ම යදමින් බැඳ තබා උමතු තත්වයට පත් කර, කකුල් හතර හරි හැටි සොලවන්නටත් බැරි ලෙස යදමින් බැඳ, නුහුරු ඇඳුම් අන්දා සාදු, සාදු කියමින් පෙරහරවල ගෙන යමින් කරන සත්ව හිංසනයට බුදුන්ගේ බුදු දහම අදහන බෞද්ධයන්ට නම් එකඟ විය නො හැකි ය.  බුදුන්ගේ බුදු දහමට අදාළ නො වන ආගමික, සංස්කෘතික, සම්ප්‍රදායික, ව්‍යාපාරමය, සංචාරක, ර...

මුන්නේශ්වරම් වාර්ෂික බිලි පූජාව හා දෙමටගොඩ දෛනික බිලි පූජාව

Image
ඡායාරූපය නේපාලයෙනි. ( 2010 අගෝස්තු 28,  W3Lanka )   හලාවත-මුන්නේශ්වරම් කාලි අම්මා කෝවිලේ අගෝස්තු 25 දා පැවැත්වූ සත්ව බිලි පූජාව පිළිබඳ රට තුළ මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ.  මෙම මහා බිලි පූජාව සිදු වන්නේ සත්ව හිංසනය පිටු දැකීම සඳහා  සත්ව පනත, ගව ඝාතන ආඥා පනත හා සත්ව හිංසා වැළැක්වීමේ පනත ආදී අණ පනත්  ඇති රටකයි. මානව හිමිකම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පවා තිබියදී මිනිසුන්ට සිදු වන දේ දෙස බැලූ කල සතුන්ට නීතියෙන් පිළිසරණක් නො ලැබීම පහසුවෙන් තේරුම් ගත හැකි ය.  මෙම හින්දු බිලි පූජාවට විරෝධය පළ කරන ජාතික සංඝ සම්මේලනය මිනිස් බිලි පූජා ගැන සාමාන්‍යයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ද අවධානයට ලක් විය යුතු ය.  කෙසේ වෙතත්, අප පහත සඳහන් කාරණා ටික ද දැන ගත යුතු ය. පසුගිය දිනෙක කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකදී 1867දී පිහිටුවන ලද 'ඓතිහාසික' දෙමටගොඩ ගව ඝාතනාගාරය වෙනත් තැනකට ගෙන යාම පිළිබඳව මතු වු විට හෙළිදරව් වූ පරිදි කොළඹ නගරයේ මස් කන මිනිසුන්ගේ පරිභෝජනය සඳහා දිනකට ගව මස් කිලෝ 18,000ක් අවශ්‍ය අතර ඒ සඳහා දිනපතා හරකුන් 180ක් බැගින් දිවි දෙති....