Posts

Showing posts with the label වැඳීම

වැඳිල්ල කිච වුණ හැටි

Image
( 2010 අගෝස්තු 22,  W3Lanka )   පහත පළ වන්නේ ලංකාවේ සරසවි ආචාර්යවරයකු විසින් කරන ලද ප්‍රකාශයකි. බොහෝ ධනාත්මක චින්තන කතාවල මෙන් මේ කතාවේ ද අදාළ පුද්ගලාගේ නම හෝ සිද්ධිය වූ වකවානුව ද සිද්ධියේ අග මුල ද සඳහන් වන්නේ නැත.  එක්‌ වරක, අවසන් වසර සිසුනට ආචාර්ය මණ්‌ඩලය විසින් පැවැත්වුණු භෝජන සංග්‍රහයක්‌ අවසන දී, සිසූහු සිය ගුරුවරුනට වැන්දහ. එතැන සිටි හුදු තර්කඥනය හා බ්‍රෙෂ්ට්‌ වැනි නාට්‍යකරුවකුගේ දෘෂ්ටිය ආගම සේ ඇදහූ ඇදුරෙක්‌ මෙසේ කීය. " මේ ඉන්නෙ පැරණි තක්‌සලා නුවර දිසාපාමොක්‌ලා නොවෙයි. ඔය වඳින පුරුද්ද නැතිකරගන්ට". සිසුන් එවිට ඒ ඇදුරාට පමණක්‌ නොවැඳ අනෙක්‌ ඇදුරන්ට වැන්දහ. වසර කීපයක්‌ ගතවිණි. සිසුන් හා ඇදුරන් අතර ඇතිවූ කලබැගෑනියකදී පෙර කී ඇදුරාට සරච්චන්ද්‍ර රංග පීඨයේදී සිසුන් විසින් එල්ල කරන ලද වර්චස්‌ ප්‍රහාරයක්‌ වැදුණි. සංස්‌කෘතියක ආචීර්ණ කල්පිකව ගැබ් වූ සාකල්‍යයෙන් යහපත් වූ හුරු පුරුදු ඉවත් කිරීමට කැස කවන උගතෙකුට නමුත් සොබා දහම නපුරු ලෙස පිළිපදින බවට එය මනා සාධකයකි. -ආචාර්ය සාලිය කුලරත්න අංශාධිපති - සිංහල අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය (දිවයින, අගෝස්තු 22)   ...