Posts

Showing posts with the label පරිගණක ක්‍රීඩා

ජවිපෙ මන්ත්‍රීන් තිදෙනා කොම්පියුටර් ගේමකට සුදුසු සිරා වැඩකාරයෝ ය | JVP MP's Galle operation - a computer game

Image
(2010 අගෝස්තු 13,  W3Lanka )  නීති විරෝධී පෙළපාළියක් පැවැත් වූ බවට අත්අඩංගුවට ගෙන පොලීසියේ රඳවා සිටි සැකකරුවන් පිරිසක් මුදාහරින ලෙස තර්ජනය කරමින් ගාල්ල පොලිසියේදී එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් හා අජිත් කුමාර ද, දකුණු පළාත් සභා ජවිපෙ මන්ත්‍රී නලීන් හේවගේ ද යන තිදෙනා පොලිසිය විසින් ඊයේ (12) සවස අත්අඩංගුවට ගනු ලැබ ඇති බව දිනමිණ ඇතුළු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. පොලිසිය කියන පරිදි සැකකාර මන්ත්‍රීවරුන් පොලිස් නිලධාරින්ට පහර දී ඇත්තේ පොලිස් සිර මැදිරියේ රඳවා සිටි පුද්ගලයන් මුදා හරින ලෙස ඉල්ලමිනි. සැකකරුවන් රඳවා සිටි ගාල්ල පොලිසියේ සිර මැදිරිය අසලට අනවසරයෙන් ගොස් ඇති මන්ත්‍රීවරුන් එම සැකකරුවන් මුදා ගැනීමට උත්සාහ දරා ඇති බව රාජ්‍ය මාධ්‍ය කියයි. මුන් තුන්දෙනා නම් සිරා වැඩකාරයෝ තිදෙනෙකි. පොලිසිය තුළට ගොස් පොලිසියට පහර දී සිරකරුවන් මුදා ගන්නා මෙවැනි මෙහෙයුම් මෑත කාලයේදී නම් අප දුටුවේ පරිගණක ක්‍රීඩාවල පමණි. මෙයින් පෙනෙන්නේ ලංකාවේ පොලිසිය අද පත් වී තිබෙන තත්වයයි. ප්‍රජාතන්ත්‍රවාදී වෙලා,...