Posts

Showing posts with the label ඇඟලුම් කර්මාන්තය

ජී.එස්.පී. ප්ලස් අහෝසියි; ඇගලුම් කර්මාන්තයෙන් යැපෙන ජීවිත අනතුරේ

Image
(2010 පෙබරවාරි 06- W3Lanka )   ලංකාවෙන් යුරෝපයට කරන අපනයනවලට සපයා තිබෙන ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහෝසි කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. එය යළි ලබා ගැනීමට අවශ්‍ය තත්වයන් ලංකාව විසින් සම්පූර්ණ කර නැති බව යුරෝපා සංගමයේ තීරණය වී ඇත. දිළිඳු රටවල් 16කට යුරෝපා සංගමය විසින් මෙම සහනය ලබා දී තිබුණේ එම රටවල සමාජ හා මානව හිමිකම් තත්වයන් සැලකිල්ලට ගෙනයි. මෙම වෙළඳ සහන නිසා ලංකාව වසරකට ඩොලර් මිලියන 150ක පමණ ආදායමක් ලබන බව තක්සේරු කර තිබේ. ඩොලර් බිලියන 8.1ක් වන ලංකාවේ සමස්ත අපනයනයෙන් 36%ක් හෙවත් ඩොලර් බිලියන 3.5ක්ම ලැබෙන්නේ ඇඟලුම් කර්මාන්තයෙනි. එයිනුත් 43%ක්ම අපනයනය කරනු ලබන්නේ යුරෝපා සංගමයටයි. ජී.එස්.පී. ප්ලස් බදු සහන අහිමි වුවහොත් ලංකාවේ ඇඟලුම් අපනයනවල මිළ 10%කින් පමණ වැඩි වන අතර එය ඉල්ලුමට බල පායි. ජී.එස්.පී. ප්ලස් බදු සහන ලබන රටවල් හා චීනය වැනි ශ්‍රම මිළ අඩු රටවලින් ඇති තරගකාරිත්වය හමුවේ ලංකාවේ ඇඟලුම් කර්මාන්තය බිඳ වැටීමේ අවදානමක් ඇති බව අදාළ ක්ෂේත්‍රෙය් ව්‍යවසායකයෝ පවසති. බහුතරය කාන්තාවන් වන ලක්ෂ දෙකක් පමණ වන කම්කරුවෝ ඍජුවම ද, තවත් දස ලක්ෂයක් පමණ ජනයා ද ඇගලුම් කර්මාන්තයෙන...

ජංගියේ ලේ එපා (No Blood for Panties ): ඇඟලුම් කර්මාන්තයට හානිකර ප්‍රචාරණයක්

Image
( 2010 ජනවාරි 05 -W3Lanka) රුහුණේ ජනයාට තමන්ගේ ප්‍රදේශය පාලනය කිරීමේ තීන්දු ගැනීමේ අයිතිය තිබිය යුතු ය. තිබෙන්නේ ඒ තීන්දු කොළඹ සිටින සීමිත පිරිසක් විසින් ගනු ලබන තත්වයක් නම් එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් නොවේ.  උතුරු නැ‍ඟෙනහිර දෙමළ ජනයා තම ප්‍රදේශ පාලනය කිරීමේ හිමිකම වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද අරගලය විසදුම් නො ලැබෙන තත්වයක් තුළ වෙනම රාජ්‍ය ඉල්ලීමක් දක්වා වර්ධනය විය.  දැන් වෙනම රාජයයක් සඳහා වූ සන්නද්ධ කැරැල්ල මර්දනය කර හමාර ය. එසේ නම් තම ප්‍රදේශ පාලනය කර ගැනීමේ තීන්දු ගැනීමේ හිමිකම දෙමළ ජනයාට ලබා දීම පමා කිරීමට තවත් හේතු තිබේ ද? බලය වර්ධනය කර ගැනීම සඳහා සිංහල ජාතිවාදය හැර අන් මඟක් නොමැති දේශපාලන නිකමුන් අතළොස්සකගේ විරෝධය මිස අන් හේතුවක් ඇතැයි අපට නො පෙනේ. මෙම වර්ගවාදීන්ගේ කූට ප්‍රයෝග හා පාලකයන්ගේ පසුගාමිත්වය හේතුවෙන් ජාත්‍යන්තර දේශපාලනයේදී ලංකාව හා සිංහල ජනයා දෙමළ මිනිසුන් පීඩාවට පත් කරන ජාතියක් ලෙස ප්‍රචාරය කිරීම සඳහා අවකාශය විවර වේ.  ඩොලර් බිලියන 8.1ක් වන ලංකාවේ සමස්ත අපනයනයෙන් 36%ක් හෙවත් ඩොලර් බිලියන 3.5ක්ම ලැබෙන්නේ ඇඟලුම් කර්මාන්තයෙනි. එයිනුත් ...

ජී.එස්.පී. ප්ලස් ඉවරයි? ආණ්ඩුව යුරෝපයේ මිනිසුන්ට ලංකාවේ දුප්පතුන්ගේ මුදලින් යට ඇඳුම් ඇන්දවීමට යයි

Image
(2009 ඔක්තෝබර්  19 - W3Lanka ) ලංකාවේ කාන්තාවන් බහුතරයක් වන ඇඟලුම් කම්කරුවන්ගේ සහ ඇඟලුම් කර්මාන්තය ආශ්‍රයෙන් ජීවනෝපාය සරි කර ගන්නා දස ලක්ෂයක පමණ පිරිසකගේ ජීවිතවලට ඍජුව ම බලපාන යුරෝපා සංගමය විසින් සපයනු ලබන ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය පිළිබඳ වැදගත් පියවරක් අද ගැනීමට නියමිත ය. විශේෂඥයන් පිරිසක් විසින් කරනු ලබන නිර්දේශ ඇතුළත් වාර්තාවක් අද දින යුරෝපා සංගමයට භාර දෙනු ලබන අතර එතැන් සිට දෙමසක් ඇතුළත යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය පිළිබඳ අවසන් නිගමනයට එළඹෙනු ඇත. ලකාවේ රජය ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කරන බවට මෙම විශේෂඥ පිරිස දැනටමත් චෝදනා කර තිබේ. රොයිටර් සහ තවත් ජාත්‍යන්තර ජනමාධ්‍ය කීපයක් ම යුරෝපා සංගමයේ මුලාශ්‍ර උපුටමින් පවසන්නේ ලංකාවට මෙම තීරුබදු සහනය නො ලැබීමට ඉඩ ඇති බවයි. ඇඟලුම් නිෂ්පාදන ඇතුළු භාණ්ඩ වර්ග 7200කට මෙම සහනය හිමි වේ. ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට යුරෝපා සංගමය විසින් කරනු ලැබූ ඉල්ලීම ජාත්‍යන්තර වෙළඳ ඇමති ජි.එල්. පීරිස් ප්‍රමුඛ රජයේ බලධාරීන් විසින් පුන පුනා ප්‍රතික්ෂේප කරන ලදී. ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය අහිමි වුව...

GSP+ බදු සහනය තවදුරටත් ලංකාවට ලබාදිය යුතුද නැත්ද යන්න ගැන යුරෝපා සංගමයේ විමර්ශනය ඔක්තෝබරයේ අවසන්

Image
(2009 ජුලි 13) GSP+  බදු සහනය තවදුරටත් ලංකාවට ලබාදිය යුතුද නැත්ද යන්න තීරණය කිරීම පිණිස යුරෝපා සංගමය විසින් කරනු ලබන විමර්ශනය ඔක්‌තෝබර් මාසයේදී අවසන් වීමට නියමිත බව වාර්තා වේ. ඉන්පසු එම විමර්ශන වාර්තාව යුරෝපා සංගමයේ කවුන්සිලයට ඉදිරිපත් කරනු ඇත. ලංකාවට තව දුරටත් GSP+ බදු සහනය ලබාදිය යුතුද නැද්ද යන්න ගැන තීන්දුවක්‌ දෙසැම්බර් මාසය වනවිට ලැබීමට නියමිතය.  ලංකාවේ මානව හිමිකම් තත්වයේ යම් යම් ගැටළු නිසා මෙම සහනය දීර්ඝ කිරීම පිළිබඳ අර්බුදයක් ගිය අවුරුද්දේ ඇති වූ අවස්ථාවේ මෙම විමර්ශනය සිදු කිරීමට යුරෝපා සංගමය තීරණය කළ අතර එය අවසන් වන තුරු වසරක් සඳහා සහනය දීර්ඝ කරන ලදී. එය තව තුන් වසරක් දීර්ඝ වන්නේ ද නැද්ද යන්න තීරණය වන්නේ මෙම විමර්ශනයෙන් අනතුරුවයි.  GSP+ යටතේ යුරෝපා සංගමයේ රටවලට කරනු ලබන ඇඟලුම් ඇතුලු අපනයන ගණනාවකට තීරුබදු සහනයකින් යුතුව වෙළඳපොලට පිවිසීමේ අවස්ථාව ලැබේ. එය අහිමි වීම සමග ලංකාවේ නිෂ්පාදනවලට චීනය වැනි රටවල අඩු විළ නිෂ්පාදන සමග විවෘත වෙළඳපොළේ තරග කිරීමට සිදු වේ.