එකමත් එක රටක, සිනමාව ගැන පූර්ව අභ්‍යාසයක්
X කණ්ඩායම චිත‍්‍රපටයකට උචිත තේමාවක් තෝරාගැනීමම අද දවසේ දුෂ්කර කාර්යයකි. ඒ, උචිත තේමාවන්වල හිඟයක් පවතින නිසා නොව, චිත‍්‍රපටි නිපදවන බොහෝ අය තේමාවක් තෝරා නොගෙනම චිත‍්‍රපට නිපදවන නිසාය. කෙසේ වුවත් ‘එකමත් එක රටක’ ‘චිත‍්‍රපටය’ සඳහා තෝරාගෙන ඇති තේමාව, හොඳ සිනමා කෘතියක් නිර්මාණය කිරීම සඳහා උචිත තේමාවකි. එහෙත් එම තේමාව උපයෝගී කොට ගනිමින් ටෙලි නාට්‍යක කොටස් කිහිපයක්, වාර්තා වැඩසටහනක කොටස් කිහිපයක්, සිනමාත්මක රූප රාමු කිහිපයක්, රංගනය පුහුණු වීමේ වැඩමුළු කිහිපයක් ආදී ලෙස විවිධ වැඩසටහන්වල කොටස් එකතු කිරීමෙන් චිත‍්‍රපටයක් නිර්මාණය නොවේ. මේ සියල්ල අවසානයේ නැවත සලකා බලා, විවේකීව සමාලෝචනයේ යෙදෙමින් චිත‍්‍රපටයේ වැඩ ආරම්භ කළ යුතුව ඇත. අවාසනාවකට ලංකාවේදී බොහෝ විට පූර්ව අභ්‍යාසයන්ම නිර්මාණාය බවට පත්වන නිසා බිහිවිය යතු කලා කෘතිය කිසිදිනක බිහි නොවේ. ඒ නිසාම ‘එකමත් එක රටක’ පූර්ව සිනමා අභ්‍යාසයෙන් පසුව සිනමා කෘතියක් බිහි නොවීම අනිවාර්යයකි. ඒ නිසාම අපිට පූර්ව අභ්‍යාසය ගැන පමණක් කථා කිරීමට සිදු වී තිබේ. සනත් ගුණතිලකට හොඳ, විදග්ධ ගැඹුරු සිනමාව කියූ සැනින් මතකයට නැඟෙන්නේ විරාගයයි. ප‍්‍රශස්ථ රංගන...