ලංකාවට පෙරේ(වා)රා!
(2011 මාර්තු 28, W3Lanka ) 1960 දශකයේ මුල් භාගයේදී මුදල් ඇමති ඇන්.ඇම්. පෙරේරා ගෙන ඒමට උත්සාහ කළ පනතකින් අදහස් කෙරුණේ පුද්ගලයකුට තමන්ට බීමට අවශ්‍ය රා නිපදවා ගැනීම සඳහා ගසක් මැද ගැනීමේ නිදහස ලබා දීමයි. එහෙත්, සුපුරුදු පරිදි ඊනියා මත්පැන් විරෝධීහු එයට විරුද්ධව කළ උද්ඝෝෂණයේ ප්‍රතිඵලයක් ලෙස පනත හකුළා ගන්නට සිදු විය. එදා අප අසා ඇති පරිදි ඩී.බී. ධනපාල මහතාගේ කර්තෘත්වයෙන් යුත් ලංකාදීප පුවත්පතේ ඓතිහාසික හෙඩිමක් පළ විය. ඒ වනාහි පොල් ගෙඩි අකුරෙන් පෙරේ-රා යන්නයි. ලේඛකයා මෙම සටහන තබන ස්ථානය පිහිටි ඉඩමේ 1970 දශකයේදී ගමේ ප්‍රසිද්ධ කිතුලක් තිබිණි. එහි මල කැපුවේ ජුලියස් සිංඤෝ ය. හැන්දෑවට කිතුල අසල වන රොද තුළ ජුලියස් සිංඤෝ පුංචි පහේ බාර් එකක් පවත්වා ගෙන ගියේ ය. එක් කලෙක මෙම ගම අයිති පොලිස් ස්ථානයේ අධිපතිව එක්තරා වීරයෙක් පැමිණියේ ය. ඔහුට කිතුල් මල් පෙන්නන්නට බැරි ය. ජුලියස් සිංඤෝගේ මලට ද පොලිසිය ආවේ ය. ඔහු ගසට යවා මල මුලින් ම කැප්පවූ පොලිසිය මල ඔහුගේ ම කරේ තබා පොලිසි ගෙන ගියේ ය. කිතුල් රා නැති වන විට කසිප්පු ආවා විනා සහ ගමේ බේබදුකම වැඩි වුණා මිස අඩුවක් නම් වූයේ ...