Posts

Showing posts with the label general election of Sri Lanka

සහෝදරයින් සාමාන්‍ය මිනිසුන් බවට පත් වීම | Comrades turned to ordinary citizen in Sri Lanka

Image
(2010 අප්‍රේල් 09 -  W3Lanka  )  සහෝදරයින් බොහෝදෙනෙක් සාමාන්‍ය මිනිසුන් බවට පත් වී ඇත. සහෝදරයින්ට පාර්ලිමේන්තුවට එන්නට අවස්ථාවක් ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් හා ජාතික ලැයිස්තුවෙන් පමණි.  ඉස්සර නම් සහෝදරයා ලෙස හැඳින්වුණේ මහජනතාව අතර සිටි මහජන සේවකයන් පිරිසකි. ලංකාවේ විප්ලවය කිරීම ප්‍රාණ භුක්තියට ගත් ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලයේ අමුතු ම විලාසිතාවක සහෝදරයින් පිරිසක් නිර්මානය කළහ.  සාමාන්‍ය මිනිසුන් නොවූ මේ සහෝදරයන්ගෙන් කිපදෙනෙක් ජනමාධ්‍යවල නිතර දක්නට ලැබුණහ. සෙසු සහෝදරයන් කොහේ සිටියාදැයි දන්නේ ඒ සහෝදරයින් ම පමණි.  සහෝදරයින්ගෙන් කොටසක් පසුගිය කාලයේ පක්ෂය කඩාගෙන ගොස් වලව්වල බෝයි වැඩේ කරන ගමන් මහජනතාවට සර්ලා හා මැඩම්ලා බවට පත් වූහ. ඒ අයගෙන් වැඩි පිරිසකට ද ඇඩ්‍රස් නැති වන ලකුණු පහළ වී තිබේ.  කෙසේ වෙතත්, සහෝදරයින් සාමාන්‍ය මිනිසුන් වීම නරක නැත.  ආයුබෝවන් මචං, ඉතින් කොහොමද? දැන්වත් මේ ක්‍රමයට විරුද්ධව ඇත්ත දේශපාලනයක් කරමුද? 

ඡන්දදායකයන්ගෙන් හතරෙන් එකක් ඡන්දය දීම ප්‍රතික්ෂේප කරති | Every one forth of Sri Lankan voters reject voting

Image
(2010 අප්‍රේල් 09 -  W3Lanka  )  අප්‍රේල් 09දා පාන්දර 5.00 පමණ වන විට  නිකුත් වෙමින් තිබෙන ඡන්ද ප්‍රතිඵල අනුව ඉතා පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ සිංහලයන් බහුතරයක් ජීවත් වන ප්‍රදේශවල ඡන්දදායකයන්ගෙන් 20%ක් පමණ සිතාමතා ම ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බවයි. සෑම මැතිවරණයකදී ම ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 15%ක පමණ ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ නොකරති. මිය යාම, විදේශගත වීම, ප්‍රදේශයෙන් බැහැර වීම හා මෙම ක්‍රමය ප්‍රතික්ෂේප කිරීම ආදිය  මෙම උදාසීනභාවයට සාමාන්‍යයෙන් හේතු වේ. අලුතෙන් 20%ක් පමණ ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ නොකර සිටින්නේ මෙම සාමාන්‍ය ප්‍රතිශතයට අමතරවයි. දෙමළ සටන පරාජය කර යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු සාපේක්ෂ වශයෙන් සාමකාමී වටපිටාවක් රට තුළ පවතිද්දීත් සිංහල ජනයාගෙන් සෑම පස්දෙනෙකුගෙන් ම එක් අයෙක් පමණ මෙසේ අලුතින් ඡන්දය ප්‍රකාශ නොකර සිටින්නන්ගේ ගොඩට එක් වීමට පෙළඹී තිබෙන්නේ මන්ද යන කරුණ විමසා බැලිය යුතුව තිබේ. අපගේ නිගමනය වන්නේ සමස්තයක් ලෙස රටේ ජනගහණයෙන් 25%ක් හෙවත් සෑම හතරදෙනෙකුගෙන් ම එක් අයෙක් මෙම දේශපාලන ක්‍රමයට විරෝධය පළ කරමින් ඡන්දය දීමට නොපැමිණ සිටින බවයි. ම...

ජිල්මාට් සපිරි ආතතිවරණයේ සජීවී හෙළුවැල්ල බලන්න අප සමග එක් වන්න

Image
(2010 අප්‍රේල් 08-  W3Lanka  )  මෙවර මහ ආතතියේදී අපේක්ෂා කළ හැකි ජිල්මාට් මෙසේයි. මිනිසුන් ඡන්දය නොදී ගෙදර සිටියදීත් ඡන්දය දුන් ප්‍රතිශතය 75% ඉක්මවීම.  දෙන ලදැයි කියන ඡන්ද අතරින් තුනෙන් දෙකක් ගම්මිරිස් කොළයට ලැබීම. තැපැල් ඡන්දවලින් 90%ක් පමණ ගම්මිරිස් කොළයට වැටීම. මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල, සුසිල් ප්‍රේම ජයන්ත වැනි ශ්‍රී ලංකාකාරයන්ට මනාප අඩු වීම.  රජ පුතුන්, රාජ සහෝදරයන් හා සෙසු රාජ චෞරයන් ඉතිහාසයේ රන් අකුරින් සටහන් වන මනාප ඡන්ද සංඛ්‍යාවන් හා ප්‍රතිශත ලැබීම.  රනිල් වික්‍රමසිංහගේ මනාප විශාල වශයෙන් අඩු වීම. සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අසමත් වීම.  ජිල්මාට් සපිරි ආතතිවරණයේ සජීවී හෙළුවැල්ල බලන්න අප සමග එක් වන්න.  නැතිනම් කකුල් දෙක අස්සේ අත් දෙක රුවාගෙන නිදාගෙන හෙට උදේ දහයට නැගිට මෙහි එන්න.  ආතති කොමාට නිරෝගී සුව! ඔබට සුව නින්දක්! ප්‍රජාතන්ත්‍රවාදයට නිවන් සැප ලැබේවා!

මහ මැතිවරණයේ ප්‍රචාරණ ව්‍යාපාර පිළිබද නිරීක්ෂණ | Some observations on the election propaganda of Sri Lanka

(2010 අප්‍රේල් 08-  W3Lanka  )  මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර තවමත් අවසන් වී නැත. ඒවා අවසන් වන්නේ අද සවස හතරෙන් පපසුවයි. අප්‍රේල් 05දා මධ්‍යම රාත්‍රියෙන් පසු ද නීති විරෝධී අන්දමින් හෝ නීතියේ සිදුරුවලින් රිංගා යමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු වූ බව නොරහසකි.  මේ ලියන මොහොත වන මැතිවරණය දවසේ මධ්‍යාහ්න 12 වන විටත් ඡන්දදායකයන් මධ්‍යස්ථාන වෙත ඇදී යමින් සිටින්නේ මන්දගාමී ලෙසයි. මැතිවරණ අපේක්ෂකයන් විසින් ඇති කරන ලද මහා කලබලය ඡන්දදායකයන් ඡන්දය දීම සඳහා ඡන්දපොළට කැන්දා ගැනීමට හෝ හේතු වී ඇති බවක් නොපෙනේ.  මෙම සංදර්භය තුළ මහ මැතිවරණයේදී එක්, එක් පක්ෂ විසින් කරන ලද ප්‍රචාරණ ව්‍යාපාරයන්ගේ ස්වභාවය පිළිබඳ යම් ඇගයීමක් නිරීක්ෂකයකු ලෙස කිරීම මෙම සටහනේ අරමුණයි.  පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පිළිබඳ එක් වාක්‍යයකින් මෙසේ සටහන් කළ හැකිය. ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයන් ප්‍රචාරය ලෙස කළේ මෙතෙක් සොරකම් කරන ලද සහ අනාගතයේ සොරකම් කිරීමට සැලසුම් කර තිබෙන ආකාරය ජනතාවට ප්‍රදර්ශනය කිරීමයි.  වියදම් අධික ම ප්‍රචාරක ව්‍යාපාරයන්හි යෙදුණේ තක්...

විනාශයේ ගමන 'ස්ලෝ' කරන්න ඡන්දය දෙමුද? විරෝධය පිණිස කටුගාමුද? Shall we cast our vote or shall we cancel it?

Image
(2010 අප්‍රේල් 07-  W3Lanka  )  'ඡන්දෙන් වැඩක් නැත්තේ ම නැත' මැයෙන් අප විසින් ඉදිරිපත් කරන ලද අදහසට ප්‍රතිවිරුද්ධ අදහස් දැක්වීමක් සමාජවාදී සංධානය විසින් අප වෙත යොමු කර තිබේ. එහි මූලික අදහස මෙම මැතිවරණ ක්‍රමයට විරෝධය දක්වනු පිණිස මහ මැතිවරණයේදී ඡන්දය කටු ගා දමන්න යන්නයි. අප පැවසුවේ රට යොමු වී තිබෙන මේ විනාශයේ ගමන මඳකින් හෝ පමා කළ හැකි යමක් මේ ඡන්දය ඔස‍්සේ කළ හැකි බවයි. අපි මෙසේ ද පැවසුවෙමු. පිරිසිදු අපේක්ෂකයකු සොයා ගැනීම කිසිවකු නොමළ ගෙයකින් අබැටක් සෙවීම වැනි නොකළ හැකි දෙයකි. එහෙත් අඩුවෙන් දූෂණයේ යෙදුණ අයකුට අවස්ථාව දීම පල් හොරෙකු පත් කර ගැනීමට වඩා දේශපාලන සෞඛ්‍යයට හිතකර ය. ඔබ ලබා දුන් ඡන්දයට පසුබිම් වූ ප්‍රතිපත්තිමය කාරණා නිර්ලජ්ජිත ලෙස ඇමතිකමක් හෝ වෙනත් එවැනි වරදානයක් වෙනුවෙන් නින්දිත අන්දමින් පාවා දුන් අය යළි පත් නොකිරීම ප්‍රජාතන්ත්‍රවාදයට කරන අවම සේවයකි. වෙනසක් පිළිබද සමාජ අපේක්ෂා මංකොල්ල කා සය වසරක් තිසසේ කිසිදු ඵලදායී කාර්යයක් නොකරමින් අහංකාර ලෙස හැසිරුණු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීන්ගේ පස්ස බිම ඇනෙනු බැලීමේ කුහක ආශාවක් බොහෝ අය තුළ ඇතිමුත් එසේ සිදු නොවිය යු...

ආතති කොමාට දැනටමත් එකසිය ගානට ආතතිය

Image
(2010 අප්‍රේල් 07- W3Lanka  )  අපේ අහිංසක ආතති කොමාට නැවතත් ආතතිය උත්සන්න වී ඇති බව දැනගන්නට තිබේ.  ආතතිය ප්‍රදර්ශනය වීම වැළැක්වීම සඳහා ආතති කොමා ආතති දිනයට කලින් මාධ්‍යවලට මුහුණ නොදෙන බව පවසා ඇත. ඔහු පවසන්නේ ඔහුට ඊට වඩා වැඩ ඇති බවයි. සහතික ඇත්ත ය. ඔහුට තිබෙන බරපතල රාජකාරියක් වන්නේ ආතතිය දවසේ ඡන්ද බලය නැති අපේක්ෂකයන් ඡන්දය නොදෙන බව පෙන්නන්නට බලා සිටින ජනමාධ්‍යවලට ඒ සඳහා අවස්ථාව නොදීමයි.  මේ ඡන්දයට ඉදිරිපත් වී සිටින සමහර රජ පැටවුන්ට ඡන්දය නැත. තවත් රාජ සහෝදරයන්ට ඡන්දය තිබෙන්නේ ඇමරිකාවේ ය.  ආණ්ඩුවේ ලොකු අපේක්ෂකයන් ඡන්දය දෙන විධිය පෙන්නන්නට ගියොත් මේ අය ඡන්දය නොදෙන බව ද පෙනේ. ඒ නිසා එකෙක්වත් ඡන්දය දෙන්නට යන හැටි නොපෙන්වා සිටින්නැයි ආතතියක් ඒ ලොක්කන් ආතති කොමාට ඇති කර තිබේ. ආතති කොමා ඒ ආතතිය ජනමාධ්‍යවලට මුදා හැර ඇත.  මේ ඡන්දයේදී සාමාන්‍ය ජිල්මාට්වලට අමතරව පාලක පක්ෂයේ අපේක්ෂකයන් අතර පවා ජිල්මාට් සිදු වන්නට ඉඩ තිබෙන බැවින් ආතති කොමා ඉන්නේ තදබල ආතතියක ය.  ඔහුගේ ආතති මුහුණ දකින්නට නොලැබීම අපට දුකකි. ඉරකි. තිතකි. 

ඡන්දෙන් වැඩක් නැත්තේ ම නැත | Minimum value of your vote

Image
අජිත් පැරකුම් ජයසිංහ -  ලංකාවේ අද වන විට නිර්මානය වී තිබෙන සමාජ දේශපාලන පරිසරය ප්‍රගතිශීලී අන්දමින් වෙනස් විය යුතු යයි සිතන සමාජ බලවේග අතර මේ වන විට ඇති වී තිබෙන්නේ තදබල මන්දෝත්සාහීභාවයකි. මැතිවරණ පිළිබඳ විශ්වාසය බිඳ වැටී තිබෙන අතර ඒ ඔස්සේ සාධනීය සමාජ වෙනසක් අපේක්ෂා කළ නොහැකිය යන අදහස සමාජයේ මුල් බැස ගනිමින් ඇත. වැඩිදෙනෙක් තිබෙන තත්වය වෙනස් කිරීමේ අභියෝගයට උර දෙනවා වෙනුවට ඒ හරහා තම ආත්මාර්ථකාමී අභිලාෂයන් සාක්ෂාත් කර ගන්නේ කෙසේදැයි සිතන තත්වයට සමාජය පිරිහී තිබේ. මහ මැතිවරණය යනු එළිපිට කෙරෙන අදහස් මංකොල්ලයකි. ජනමතය තමන්ට උවමනා අන්දමින් හැඩගස්වා ගැනීම සඳහා දේශපාලකයන් විසින් භාවිතා කරනු ලබමින් තිබෙන්නේ අතිශය ප්‍රචණ්ඩ, දූෂිත ක්‍රමවේදයකි. ඇතැම් අපේක්ෂකයෝ නාම යෝජනා භාර දෙන්නටත් පෙර සිටම වියරුවෙන් මෙන් හැම විදුලි කණුවක්, බෝක්කුවක් ගානේමත්, හැම ජනමාධ්‍යයකිනුත් සිය මනාප අංකය ප්‍රදර්ශනය කර ගැනීම සඳහා වියරුවෙන් මෙන් ප්‍රචාරණයේ යෙදෙති. ඒ වෙනුවෙන් කරනු ලබන වියදම් අසිමිතය. දිළින්දන් දසලක්ෂ ගණනාවක සාගින්දර නැති කරන්නට පාන් පිළිස්සිය හැකි ආනයනික තිරිඟු පිටි ප්‍රමාණයක් තාප්පවල තැවරෙමින් තිබෙන්...

මේ ක්‍රමයට සියතින් ම මිනී වල කපා ගන්න දෙන්න | Let Sri Lankan political system to dig its own grave

Image
අජිත් පැරකුම් ජයසිංහ මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාර ආරම්භ වී තිබේ. අපේක්ෂකයන් සිය බලය පෙන්වීම සඳහා මුලින් ම කළ ක්‍රියාවක් වූයේ දැවැන්ත රථ පෙළපාලි සංවිධානය කිරීමයි. වැඩිම වාහන සංඛ්‍යාවක් පෙළපාලියට එක් කර ගැනීමට සමත් වු අය ඒ තරගයෙන් දිනූහ. ඊළඟට ආරම්භ වී ඇත්තේ පෝසටර්, බැනර්, කටවුට්, පාරේ ලිවීම්, ජනමාධ්‍ය දැන්වීම් ආදිය සඳහා තරගයයි.  සෑම අපේක්ෂකයකු ම උත්සාහ කරන්නේ තමන්ට අත දිග හැර වියදම් කිරීම සඳහා මුදල් ඇති බව පෙන්වීමටයි. මන්ත්‍රීවරයකු හෝ ඇමතිවරයකු වී සියලු වරප්‍රසාද සමග රු. ලක්ෂයක වැටුපක් ලබා ගන්නේ යයි සිතමු. අවුරුදු පහක් මන්ත්‍රීකම කළත් උපයා ගත හැක්කේ රු. ලක්ෂ 60ක් පමණි. එහෙත්, ලක්ෂ 60ක් වියදම් කර ඡන්දය දිනා ගැනීම සිහිනයකි. ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයක් ඇති අපේක්ෂකයන් කරන වියදම් ඇත්තේ ලක්ෂ 100න් එහා පැත්තේ ය.  මෙම මුදල් කෙසේ උපයා ගත් ඒවාද?  මැතිවරණය සඳහා කරන ආයෝජනය පියවාගෙන ලාභ ලැබීම සඳහා ඔවුන් සතුව ඇත්තේ කුමන සැලැස්මක්ද? එවැනි සැලැස්මක් නැතිනම් ඔවුන් මේ මී කඩන්නේ අත ලෙව කා සැනසෙන්නද? අද වන විට ජනතාව මේ පිළිබඳ ප්‍රශ්න නොකරති. දූෂණය දේශපාලනයේ සාමාන්‍ය ලක්ෂණයක් ලෙස සැලකී...

ඉදිරි මහ මැතිවරණයේදී රටේ සියලූම පීඩිත ජනතාව ඒකරාශී කිරීමේ දළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් | A draft manifesto to unite all Sri Lankan downtrodden masses at the general election

සරත් ප්‍රනාන්දු විසිනි (සංවාදයට විවෘතයි) නිදහස ලැබී වසර 62 ක් ගත වී ඇත. ඒ කාලය තුළ මැතිවරණ ගණනාවක් පැවැත් වු අතර රටේ ප‍්‍රශ්න නිරාකරණය කිරීමේ අපේක්‍ෂාවෙන් වරින් වර පක්‍ෂ මාරු කරමින් නියෝජිතයින් පත් කර පාර්ලිමේන්තුවට යවන ලදී. එහෙත් රටේ ප‍්‍රශ්න අවම කරනවා වෙනුවට සිදුව ඇත්තේ ඒවා උග‍්‍ර වීමයි. මේ මොහොතේ අප සිටිනුයේ තවත් මහ මැතිවරණයකට සූදානම් වෙමිනි. නැවත වතාවක් සියල්ල පැත්තකට තබා තම තමන් කැමති පක්‍ෂය හා පුද්ගලයා දිනවීම සඳහා කටයුතු කිරීමට මහජනයා අතරින් බොහෝදෙනෙක් වෙහෙස වනු ඇත. මෙකී තමන්ගේ න්‍යාය පත‍්‍රයන් වෙනුවට පොදු න්‍යාය පත‍්‍රයකට අවධානය දීම අත්‍යවශ්‍ය වන්නේ ඒවා මෙතෙක් ඉටු නොවී ඇති බැවිනි. මෙහි ඇත්තේ සියලූ පිඩිත ජන කොටස්වල එකාබද්ධ ප‍්‍රකාශනයක් සදහා දළ කෙටුම්පතකි. 1. සියලූ ජනතාවට සෞඛ්‍ය සම්පන්න පෝෂ්‍යදායික ප‍්‍රමාණවත් ආහාර වේලක් සහ ජලය ලැබිමේ අයිතිය සහතික විය යුතුයි කම්කරුවන්ට යහපත් ජීවන මට්ටමක් ළඟා කර ගැනීමට හැකි හා ආත්ම ගරුත්වය ආරක්ෂා වන පරිදි යහපත් වැටුප් මට්ටම්, සේවා තත්වයන් හා රැකියාවේ සුරක්ෂිතභාවය ආරක්ෂා වන කම්කරු නීති අනුමත කිරීම හා ක‍්‍රියාවේ යෙදවීම. වෘත්තීය සමිති ක‍්‍රිය...