Posts

Showing posts with the label නාගරික සංවර්ධනය

නාගරික සංවර්ධනය රාජපක්ෂලාගේ අතට ගන්නේ කුමටද? | Why urban development is taken to the control of Rajapaksas

Image
(2010 අප්‍රේල් 23 -  W3Lanka  ) නාගරික සංවර්ධන අධිකාරිය මෙතෙක් එය අයත් වූ පූජාභූමි සංවර්ධන හා නාගරික සංවර්ධන අමාත්‍යංශයෙන් ගලවා ආරක්ෂක අමාත්‍යංශය යටතට ගෙන එහි සභාපති ධුරයට ජනාධිපති සහෝදර ගෝඨාභය රාජපක්ෂ පත් කිරීමට රජය සැලසුම් කර තිබෙන බව වාර්තා වේ.  මෙය නාගරික සංවර්ධනය ඍජුව ජනාධිපති බලාධිකාරයට පවරා ගැනීමක් ලෙස සැලකීම වඩා උචිත ය. නාගරික සංවර්ධනය යන විෂය එතරම් සුවිශේෂ වන්නේ ඇයි? පශ්චාත් යුදකාලීන ලංකාවේ ක්‍රියාත්මක‍ වෙමින් පවතින සංවර්ධන සැලසුම්වලදී නාගරික සංවර්ධනයට සුවිශේෂ වැදගත්කමක් හිමි වේ. විශේෂයෙන් ම කොළඹ නගරය වානිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේදී ද, නුවර, ගාල්ල, යාපනය, ත්‍රිකුණාමලය වැනි නගර ප්‍රාදේශීය කේන්ද්‍රස්ථාන බවට පත් කිරීමේදී ද එම නගර සැලසුම්වල දැඩි වෙනස්කම් සිදු කිරීමට සිදු වනු ඇත.  සරළව කීවොත්, අතන මෙතන අනවසරයෙන් අටවාගෙන සිටින කඩ, වැඩපළවල් හා නිවෙස් ආදිය බෝ ගස් පා මුල පන්සල් මුවාවෙන් පිහිටුවාගෙන තිබෙන ව්‍යාපාරික ස්ථාන ද ඇතුළුව කඩා ඉවත් කිරීමට සිදු වනු ඇත. එසේ ම, නගර පරිසරය අවලස්සන කරන පැල්පත් නිවාස ආදියට ද සමු දීමට සිදු වනු ඇත.  කොළඹ නගරය ...