එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දීම
ආණ්ඩුව වසින් මහජන නියෝජිතයන් මිළ දී ගන්නා සංදර්භය තුළ එක්සත් ජාතික පක්ෂයට දෙන ඔබේ ඡන්දයට වටිනාකමක් අපේක්ෂා කිරීම අතිශය දුෂ්කර ය. ඒ කියන්නේ එජාපයට ඡන්දය දීම ඇත්තෙන් ම ඡන්ද නාස්තියකි. එය වැළැක්වීමේ හැකියාවක් එජාප නායකත්වයට නැත. හේතුව, එජාපයේ ඉන්නේ ද ආණ්ඩුවේ ඉන්නා ජාතියේ ම කාලකන්නි අපතයන් පිරිසක් බැවිනි. ඔවුන්ට රටක්, ජාතියක්, ආගමක්, සමාජයක්, අම්මෙක්, අප්පෙක්, අනාගත පරපුරක් ගැන හැඟීමක් නැත. ඒ අතින් ඔවුන්ගේ නායකත්වයට වඩාත් සුදුසු අන් කවරෙක්වත් නොව මහ රජතුමා ම ය. යූඇන්පී අපේක්ෂකයන් හා සන්ධාන මහජන නියෝජිතයන් අතර තිබෙන එක ම වෙනස යූඇන්පීකාරයන්ගේ මහජන මුදල් ගසාකෑමට තිබෙන සුදහ ගින්දරේ තරම පමණි. ඒ ඔවුන්ට තවම අවස්ථාව නො ලැබුණු නිසා ය. එජාපයේ තිබෙන ලොකුම කොඩිවිනය සජිත් ප්‍රේමදාස ය. ඔහුට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩ කිරීම සඳහා කෝඳුරු තෙල් හත් පට්ටයත් මදි ය. ඔහු ක්‍රියාත්මක කරන්නේ තනිකර ම ආණ්ඩුවේ උපායමාර්ගයයි. එතැනින් පල්ලෙහාට අනෙක් අහවලුන්ගේ ද කෙරුවාව අඩු වැඩි වශයෙන් ඔය ටික ම ය. ඌව පළාත් සභා ඡන්දයෙන් පසු එජාපයෙන් හතරක් ආණ්ඩුවට එකතු වන බවට කරන ප්‍රචාරය ආණ්ඩුවෙ ම වැඩක් බව ඇත්ත ය. එහෙත්, එජ...