අප්‍රේල් 08න් පසු ජවිපෙ නායකයකු ඇතුළු 'අනාගත' විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් ආණ්ඩුවට එක් වන්න පතති | 'Future' MPs including a JVP leader seek to elect to defect
(2010 අප්‍රේල් 07- W3Lanka ) විපක්ෂයෙන් තරග කර ජනවරමක් ලබාගෙන එය නින්දිත ලෙස පාවා දෙමින් ආණ්ඩුවට එක් වීම අප්‍රේල් 08දායින් පසුව ද ලාංකීය දේශපාලනයේ ප්‍රධාන පිළිකාව වන ලක්ෂණ දැනටමත් පහළව තිබේ. මේ වන විටත් මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයෙක් නිල වශයෙන් ම ආණ්ඩු පක්ෂයට එක් වී හමාර ය. මොනරාගල දිස්ත්‍රික්කයේ එජාපෙ අපේක්ෂක ලැයිස්තුව ටිපෙක්ස් ගා වෙනස් කළ හිටපු මන්ත්‍රී රංජිත් මද්දුම බංඩාර හා ඔහුගේ ටිපෙක්ස් අනුප්‍රාප්තිකයා වන ආනන්ද කුමාරසිරි ද මේ වන විට දුවන්නේ ආණ්ඩුවේ තෙල්වලිනි. මොවුන් ජය ගත්තොත් අනිවාර්යයෙන් ම ආණ්ඩුවේ මන්ත්‍රීන් වනු ඇත. එසේ ම, ගම්පහ දිස්ත්‍රික්කයේ හා කැගල්ල දිස්ත්‍රික්කයේ හිටපු එජාප මන්ත්‍රීන් දෙදෙනෙක් ද ආණ්ඩුව සමග රහස් එකඟතාවන් ඇති කරගෙන තිබෙන බව වාර්තා වේ. සුවිශේෂ ම කාර්යය වන්නේ රජරට පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙන් තරග වදින ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයෙක් ද ආණ්ඩුවේ ලොක්කන් සමග රහස් ගනුදෙනුවක නියැලීමයි. ඉදිරි මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත් වුවහොත් මොහු ද ආණ්ඩුවට එක් වනු ඇතැයි සැකයක් ජවිපෙට ඇති බව වාර්තා වේ. ...