ළමා අයිතිවාසිකම් කෙරුමන්ට නො පෙනෙන සාමනේර ප්‍රශ්නය | Buddhist Samanera (child monks) and child rights
( 2010 සැප්තැම්බර් 23, W3Lanka ) පහත සිද්ධිය උපුටා ගනු ලැබුවේ රජයට අයත් දිනමිණ පුවත්පතෙනි. තම පන්සලේ සිටි 13 හැවිරිදි සාමනේර හිමිනමක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් කන්තලේ නගරයේ සිට කි. මී. 8ක් පමණ ඈතින් පිහිටි ජනපදයක විහාරස්ථාන භාරකාර හිමිනමක් හා එම සාමනේර හිමිනමගේ මවගේ පියා (සීයා) අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු ලබන 29 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කන්තලේ ප්‍රධාන මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා පෙරේදා (20) නියෝග කළේය. සාමනේර හිමිනම තඹලගමුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව හිමිනමගේ සීයා අත්අඩංගුවට පත්වුවද චීවරධාරියා සිද්ධියෙන් පසු කට්ටි පනිමින් සිටියදී තඹලගමුව පොලිසිය මගින් ත්‍රිකුණාමලය කෝඩ්බේ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. පන්සල්වල බාල අපචාර සිදු වන බව ප්‍රසිද්ධ ය. එහෙත්, ඒ පිළිබඳ පැමිණිලි කිරීම සිදු වන්නේ අඩුවෙනි. කෙරෙන පැමිණිලි ද සාමාන්‍යයෙන් යට ගසනු ලැබේ. විශේෂයෙන් ම ලංකාවේ ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් බටහිර ආධාර ලබා ගන්නා රජයේ හා රාජ්‍ය නො වන සංවිධාන මෙම බාලාපචාර ක්ෂේත්‍රය පිළිබඳව මුනි වත රකිති. ...