Posts

Showing posts with the label ඖෂධ

රජයේ බෙහෙත් ත්‍රිරෝද රථවල විකිණීම හා බහු ජාතික සමාගම්වලට රටේ ජන ජීවිත විකිණීම

Image
(2011 ජනවාරි 29,  W3Lanka )   වකුගඩු රෝගීන්ට ලබාදෙන ඉතා මිල අධික වන, එහෙත් රජයේ රෝහල්වලට රජය විසින් නොමිලේ නිකුත් කරනු ලබන,  රජයේ නිල ලාංඡනය  සහිත  ඖෂධ අලෙවි කරමින් සිටි ත්‍රිරෝද රථයක් පසුගිය සතියේ පේරාදෙණිය රෝහල ඉදිරිපිටදී අත්අඩංගුවට ගනු ලැබූ බව මාධ්‍යවල වාර්තා විය.  මෙසේ රජයේ නිල ලාංඡනය සහිත ඖෂධ අලෙවි පෞද්ගලිකව අලෙවි කිරීම තහනම් ක්‍රියාවකි. එසේම විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ ප්‍රතිපත්තිය යටතේ  ඖෂධ ප්‍රවාහනය සඳහා හිතකර පාරිසරික තත්ත්ව ත්‍රිරෝද රථවල තිබේ යයි සැලකෙන්නේ නැත.  මෙකී ත්‍රිරෝද රථයෙන් ඖෂධ මිලදී ගැනීමට රෝගීන් යොමු කර ඇත්තේ කවුරුන්දැයි සොයා බැලීමටත් සිද්ධිය පිළිබඳ පොලිසිය සිදු කරන පරීක්ෂණයට අමතරව අමාත්‍යාංශය මට්ටමින් වෙනම පරීක්ෂණයක් සිදු කිරීමටත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරියට උපදෙස් දී ඇති බව රජයේ මාධ්‍ය පවසයි. රජයේ රෝහල්වල ඖෂධ පෞද්ගලික ඔසුසල්වල අලෙවි කිරීම වැළැක්වීමේ විශේෂ පනතක් පාර්ලිමේන්තුවට මේ වසරේ ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බවක් අද දිනමිණේ පළ වී තිබ...

බෙහෙත් මිළ ප්‍රදර්ශනය කරන තැන්වල රෙද්ද කඩාගෙනත් පෙන්නුවොත් නරක ද?

Image
( 2010 සැප්තැම්බර් 25,  W3Lanka )  ලබන ජනවාරි මස පළමු වැනිදා සිට දිවයිනේ රජයේ රෝහල් ඉදිරිපිට අත්‍යවශ්‍ය ප්‍රධාන බෙහෙත් වර්ගවල මිල ගණන් ප්‍රදර්ශනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත. හරි ෂෝක් ය. එවිට, අප කසිප්පු ගසා, බීඩි බී හෝ නො කා නො බී ඉඳ හෝ කඩවලින් කුණු ජරාව කා හෝ මදුරුවන්, බල්ලන් විසින් සපා කනු ලැබ හෝ, පොලිසියෙන් ගුටි කා හෝ අහේතුව හෝ ලෙඩ වූ විට අපේ ආදරණීය, ප්‍රනීත, විනීත ආණ්ඩුව අප වෙනුවෙන් අත දිග හැර කරන වියදම අපට දැන ගත හැකි වනු ඇත. ලෙඩ වුණේ කසිප්පු ගසා නම් ඒ අනුව ගණන් හදා දොස්තර බිල දුන් විට එය ගෙවිය යුතු ය. නැතිනම් මහ උළු ගෙදර ගොස් ආණ්ඩුව ගානේ බතුත් කෑ හැකි ය. මේ රෙද්දවල් පෙන්නන එක හොඳ ය. එහෙත්, මේ වියදම් කරන්නේ ඒ ගැන හූල්ලන ආණ්ඩු පාණ්ඩුවේ උන්නැහේලාගේ බූදලෙන් නො ව අපේ ම බදු සල්ලි හා අපේ හත්මුතු පරම්පරා උගස් තබා ගත් ණය නිසා ඒවා ඇත්ත ම කීවොත් 'මයි කාර් - මයි පෙට්‍රල්' නිසා කාටවත් වැඩක් ද නැත. අනෙක, ලෙඩ වූ මිනිසුන් වෙනුවෙන් නො මිළේ සපයන සෞඛ්‍ය පහසුකම් කප්පාදු කරන්නැයි මේ රටේ ජනතාව ඉල්ලා සිටින බවක් අප නම් දන්නේ නැත.  එහෙත්, මේ රෙද්දවල් පෙන්නන ගමන්...

බෙහෙත් සඳහා වෙළඳ නම වෙනුවට ඖෂධ නම යොදන්න නව නීති

Image
(2009 ඔක්තෝබර්  06- W3Lanka ) වෛද්‍යවරුන් රෝගීන්ට ඖෂධ නිර්දේශ කිරීමේදී දැන් බොහෝ විට කරන පරිදි වෙළඳ නාම භාවිතා කිරීම අත්හිටුවා ඖෂධ නාමය ම භාවිතා කිරීම අනිවාර්ය කරන ඖෂධ ප්‍රතිපත්තියක් සඳහා සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලා තිබේ. ඖෂධ නාමයෙන් බෙහෙත් නියම කිරීම අනිවාර්ය කිරීමට සිල්වා ඇමතිවරයා සුදානම් වීමෙන් පෙනෙන්නේ ඔහු යටතේ සේවය කරන ලංකාවේ බහුතරයක් වෛද්‍යවරුන් පිළිබඳ ඔහුට කිසිදු විශ්වාසයක් නොමැති බවයි. එහෙත් මෙවැනි කාරණා හුදු නීති මගින් ම විසඳන්නට යාම ප්‍රායෝගික නැත. මහජන මුදලින් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලැබූ වෛද්‍යවරුන්ට ඖෂධ සමාගම්වලට මහජනයා සූරා කෑමට ඉඩ නො දීමේ වගකීමක් ඇත. වෛද්‍යවරුන් පවසන්නේ ඖෂධවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය පිළිබඳ ඇති ප්‍රශ්න හේතුවෙන් තමන් ඇතැම් විට වෙළඳ නාමය භාවිතා කරන බවයි.‍ වෛද්‍යවරයාගේ මූලික කාර්යය ලෙඩා සුවපත් කිරීමයි. එහිදී ඒ සඳහා හොඳම ක්‍රමය තෝරාගැනීම සඳහා වෛද්‍යවරයාට ඇති නිදහස අහෝසි කිරීමේ හැකියාවක් පාර්ලිමේන්තුවේ සිටින මහදැනමුත්තන්ට තිබේ ද යන්න ප්‍රශ්නයකි. ඖෂධ සමාගම් වෛද්‍යවරුන්ට විදේශ චාරිකාවල සිට බෙහෙත් තුණ්ඩු ල...