Posts

Showing posts with the label කිම්

උතුරු කොරියානු පරමාදර්ශයේ පවුල් පාලනය තුන්වන පරම්පරාවට | North Korea's family rule moves to third generation

Image
( 2010 සැප්තැම්බර් 29,  W3Lanka )   ලංකාවේ පාලක පවුලට ආදර්ශයක් විය හැකි අන්දමින් උතුරු කොරියාව කටයුතු කරමින් සිටියි. ඒ මෙසේ ය: උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සුන්ගෙන් පසු ජනාධිපති පදවියට පත් වූයේ ඔහුගේ පුතු කිම් ඉල් ‍ජොන් ය.  දැන් කිම් ඉල් ජොන්ට වයස අවුරුදු 68කි. දියවැඩියවෛන් පෙළෙන ඔහු දී හෘදයාබාධයකට ද ලක් වූයේ ය. දැන් ඔහුට ද නික්ම යාමට කාලය හරි වගේ ය. ඔහුගේ අනුප්‍රාප්තිකයා වනු ඇත්තේ කවුරු ද? වෙන කවුරු ද? ඒ ඔහුගේ පුතුන් තිදෙනාගෙන් ඔහුගේ තේරීම වන කිම් ඉල් උන් නම් බාල පුතා ය.  බාල පුතාගේ අනාගතය පිළිබඳ සහතිකයක් ලෙස සැලකිය හැකි පියවරක් කිම් ඉල් ජොන් ගෙන ඇත. ඒ මෙම 27 හෝ 28 හැවිරිදි, ස්විට්සර්ලන්තයේ හා පියොංයැංහි කිම් ඉල් සුං යුද සරසවියේ අධ්‍යාපනය ලද අප්‍රකට තරුණයා තරු හතරේ ජනරාල් තනතුරකට පත් කිරීමයි. ළඟදී ම ඔහු න්‍යෂ්ටික බලය සහිත රාජ්‍යයක් වන උතුරු කොරියාවේ දොළොස් ලක්ෂයක හමුදාවේ ප්‍රධානී තනතුර භාර ගනු ඇත.  කිම් ඉල් ජොන්ගේ සහෝදරිය වන කිම් කියොං හුයි ද තරු හතරේ ජනරාල් පදවියට උසස් කර තිබේ. මස්සිනා ද උතුරු කොරියාවේ ජාතික ආරක්ෂක කොමිෂමේ සභාපති ය. බාල පුතා...