දෙයියො දනී! අපි නො දනී!
( 2010 සැප්තැම්බර් 19, W3Lanka ) ලංකාවේ දේශප්‍රේමී ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණ නිමක් නැත. අලුත් ම කුමන්ත්‍රණය දියත් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලය, කන්දාවලි ප්‍රාදේශීය ලේකම් එන්. සත්‍යසීලන් හා දිවයින පුවත්පත හවුලේ ය. ලංකාවේ ඕනෑ ම පොඩි ළමයෙකු දන්නා කරුණක් වන්නේ කොටි සංවිධානයට එරෙහි යුද්ධයේදී හෙවත් මානුෂික මෙහෙයුමේදී සිවිල් වැසියන්ට නියපොත්තකින් කොනහන තරමේ හානියක් සිදු වුණේ නැති බවයි. එහෙත්, දිවයින පුවත්පත කියන පරිදි කිලිනොච්චි දිස්‌ත්‍රික්‌කයේ කන්දාවලී ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාසයේ යළි පදිංචි කරන ලද යුද්ධයේදී අවතැන් වූ පවුල් 6957කින් පවුල් 697ක්ම යුද්ධයේදී ස්‌වාමිපුරුෂයා අහිමි වී ඇති වැන්දඹූ ස්ත්‍රීන් සහිත ඒවා ය. ඒ අනුව එම ප්‍රදේශයේ පමණක් 10% පවුල්වල තාත්තලා මිය ගොසිනි. දිවයින ම කියන පරිදි මව්පියන් දෙදෙනාම අහිමි වූ පවුල් 150ක් ඇත. පියා හෝ මව අහිමි වූ ළමයින් සිටින පවුල් 456 ක් ඇත. පවුල් 340ක පමණ භෞතික ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයකු බැගින් ඇත. මෙම ප්‍රදේශයේ පවුල් අතරින් 90% කට ආසන්න පිරිසකගේ නිවාස යුද්ධය හේතුවෙන් අහිමි වූ බව ද පවසන්නේ දිවයින පු...