Posts

Showing posts with the label ලිංගික සේවා

ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයත් අහන නඩුවල හැටි!

ගණිකා නිවාස ආඥා පනතේ 2 (අ) වගන්තිය යටතේ දඬුවම් පැමිණවිය හැකි වැරදි වන්නේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම, කළමනාකරණය කිරීම හා ඊට සහාය වීම මිස පුරුෂයින් සන්තර්පණය කිරීමේ කාර්යය සඳහා ගණිකා මඩමක සේවය කිරීම නො වන බැවින් ජිනා මැඩම්ගේ කොල්ලුපිටිය ලිංගික සේවා මධ්‍යස්ථානයේ සේවය කළ ලිංගික ශ්‍රමිකයන් නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කර ඇත. මෙය ඉතා සාධාරණ නඩු තීන්දුවකි. මක් නිසා ද යත්, මෙම ලිංගික ශ්‍රමික කාන්තාවන්ගෙන් සේවා ලබා ගත් පිරිමින්ට නඩු පැවරීමක් ද සිදු වී නැති බැවිනි. ලංකාවේ පිරිමින් වෙනුවෙන් විශාල සේවයක් කළ ජිනා මැඩම්ගේ ලිංගික සේවා මධ්‍යස්ථානය නම් ලංකාවේ නීතියට පටහැණි ය. ඒ නිසා ඇය ගැන නම් දුක ය. වගකීමක් ඇති, ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි වෙබ් අඩවියක් වන දිනමිණ පුවත්පත මෙන්න මෙතැන කියන ආකාරයට ඇයට නඩු දමා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ය. වගකීමක් ඇති පුවත්පතක් නිසා එය ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමක් හෝ බොරුවක් හෝ වෙන්නට නම් බැරි ය.  අනේ අම්මප, ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයත් අහන නඩුවල හැටි! මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න