Posts

Showing posts with the label ගෝලීය ධනවාදය

නව ලිබරල් ධනවාදය තුළ සම්ප්‍රදායික සංස්කෘතියට හිමි තැන | The place of traditional culture in neoliberalism

Image
(2010 ජුනි 06,  W3Lanka )   සංවර්ධන උන්මාදය ගාලු මුවදොර බිලි ගනියි ද? යන මැයෙන් වූ ලිපිය පිළිබඳ අපූර්ව විසින් දක්වන ලද අදහස් සමග සංවාදයක් ගොඩනඟා ගැනීම මෙම ලිපියේ අරමුණයි. අපූර්ව විසින් මතු කරන ලද අදහස් කීපයක් මෙසේ ය: "යාලේ, විල්පත්තුවේ වන සතුන් ඉන්නේ සෆාරි සංචාරක ව්‍යාපාර වෙනුවෙන් අලෙවි වන්නටයි. මුහුදු වෙරළ තිබෙන්නේ සුද්දන්ට සුද්දියන්ට අව්ව තපින්නට හා ඒවා බල බලා කොල්ලන්ට ස්වයං වින්දනයේ යෙදෙන්නටයි." ඩනවාදය දැන් ක්‍රියාකරන්නේ ලෝක ක්‍රමයක් ලෙසයි. එහිදී කේන්ද්‍රයේ රටක පවතින ඩනවාදය නඩත්තු කිරීමට අනිවාර්ය ලෙසම පරිවාරයේ රටවල මෙවන් තත්වයක් පවත්වා ගැනෙයි. ධනවාදයේ වර්තමාන මුහුනුවර එබඳුය. කවුරු අමෙරිකානු ඩනවාදයට කැමති වුවත් වර්තමාන තත්වය තුළ පරිවාරයේ රටවලට සිදුවන්නේ මෙවන් කටු කෑමටම පමණි. මාක්ස්වාදී අරුතින් ඩනවාදය විසින් පැරණි වැඩවසම් සම්බන්ධකම් වෙනස් කරනු ඇතැයි සිතීම තවමත් වලංගුද? (අපූර්ව)  අප ඒ පිළිබඳව දැක්වූ අදහස මෙසේ ය.:  නව ලිබල් ගෝලීය ධනවාදය නියත වශයෙන් ම වැඩවසම් සම්බන්ධකම් වෙනස් කරයි. සුද්දන් ගල්කිස්ස වැල්ලේ අඩ නිරුවතින් අව්ව තපින විට, ලංකාවේ විශ්...

පාලක මනෝභාවය මැදමුලනෙන් ඇමරිකාවට | Sri Lanka rulers' mindset from Medamulana to America

Image
  (2010 ජුනි 02,  W3Lanka )  ලංකාවේ පාලනයේ දැවැන්ත විපර්යාසයක් හෙවත් දේශපාලන භාෂාවෙන් කියන්නේ නම් සුසමාදර්ශීය වෙනසක් සිදු වෙමින් තිබේ. ලංකාව පාලනය කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ නොවේ. ලංකාව යනු රාජපක්ෂ පවුලේ සුල්තානේටයකි.  එහෙයින් ලංකාවේ පාලනයේ යම් විපර්යාසයක් සිදු වන්නේ නම් එය සිදු විය යුත්තේ අනිවාර්යයෙන් ම රාජපක්ෂ පවුලෙහි ය.  දැන් සිදු වෙමින් තිබෙන වෙනස අප විග්‍රහ කරන්නේ පාලක මනෝභාවය මැදමුලනෙන් ඇමරිකාවට මාරු වීමක් ලෙසයි. රාජපක්ෂ පවුලේ අය ඔබාමා යටතේ ඇමරිකාව පිළිබඳ එතරම් දන්නේ නැත. දන්නේ කණිෂ්ඨ බුෂ් යටතේ ඇමරිකාව පිළිබඳවයි. එහෙයින් ලංකාවේ පාලකයින්ගේ පරමාදර්ශය වන්නේ අන් කවරකුවත් නොව ජෝර්ජ් බුෂ් ය.  පාලක මනෝභාවය මැදමුලනේ තිබුණු කාලයේ ගෝලීය ධනවාදයට එරෙහිව දේශීය ආර්ථිකය පිළිබඳ ලියැවුණ මහින්ද චින්තන කතා පොත දැන් ඇමරිකානු බැසිල් චින්තනය යටතේ ගෝලීය ධනවාදයේ පෙළ පොතක් බවට පෙරළෙමින් තිබේ.  ඒ කාලයේ ගැලවුණ ප්ලග් ලෝක බැංකුව සමග දැන් යළි සවි වෙමින් තිබේ.  ලංකාවේ පාලනයේ සුසමාදර්ශීය වෙනස පෙන්නුම් කරන කදිම සාධකයක් වන්...