ජනප‍්‍රිය බණ හා දුෂ්කථා ගැන | On popular Bana preachings
(2010 ජුනි 26, W3Lanka අජිත් පැරකුම් ජයසිංහ) යෝහිකෝචි භික්ඛවේ භික්ඛු ඒවං චින්තො පරේසං ධම්මෝ දේසති. අහෝ වන මේ ධම්මං සුණෙය්‍යුං සුත්ථාච පන ධම්මං පසීදෙය්‍යුං පසන්නාච මේ පසන්නකාරං කරෙය්‍යූං ඒව රූපස්ස භික්ඛවේ භික්ඛුතෝ ධම්ම දේසනා අපරිසුද්ධා හෝති . මහණෙනි, යම් භික්ෂුවක් මාගේ ධර්මය ඇසුවහොත් හොඳය, අසා පැහැදුණහොත් හොඳය, පැහැදීමෙන් යුතුව සත්කාර උපකාර කළහොත් හොඳය යන අදහසින් කරන ධර්ම දේශනාවක් වෙත්නම් එය අපිරිසුදු දේශනාවකි. (අංගුත්තර නිකාය, කස්සප සංයුතය) ‘චරථ භික්ඛවෙ චාරිකං - බහුජන හිතාය - බහුජන සුඛාය‘ යි බුදු රජාණන් වහන්සේ ධර්ම ප‍්‍රචාරය සඳහා නික්මෙන සංඝයාට දුන් උපදේශය සර්වකාලීනය. සංවර්ධනයේ මායාවෙන් මුසපත්ව, වියරු රංගනයක යෙදී සිටින වත්මන් ලෝකයට මොහොතකට නැවතී ජීවිතය දෙස ආපසු හැරී බැලීමට, සිත් සනසා ගන්නට, යථාර්ථය පසක් කරගන්නට ධර්ම දේශනාවක් මහෝපකාරී වේ. ලෝකය දියුණු වන්නට, වන්නට පන්සල් කරා ඇදී එන ජනයා වැඩි වන්නේද, ධර්ම දේශනාවලට සවන් දීමට ජනයා වැඩි වැඩියෙන් රැස් වන්නේද ඒ නිසාය. එහෙයින් ධර්මය දේශනා කරන්නා හට පැවරී තිබෙන කාර්යභාරය සුළුපටු එකක් නොවේ. ඔහු ජීවිත වෙනස් කරන්නෙකි. ලෝකයට අලූ...