හෝල්ට්! මාගම්මන ප්‍රාතිහාර්යය වඳින්න යන්න කලින් කියවන්න
(2009 නොවැම්බර් 05 - W3Lanka) නිකවැරටිය හා දොළුකන්ද ආශ්චර්යයන් වැඳ පුදා ගැනීමෙන් හා රට පුරා සියලු බුදු පිළිමවලින් රැස් විහිදෙනු බලා ගැනීමෙන් පසු කලකින් බෞද්ධ ප්‍රාතිහාර්යයක් දැක බලා ගැනීමට නො ලද ලාංකිකයන්ට දෙහිඕවිට මාගම්මන සුගතාරාම විහාරස්ථානය විසින් සූදානම් කර තිබෙන බෝ මුලකින් මතු වූ බුදු රුව ප්‍රෝඩාවක් බව උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර ලක්බිම පුවත්පතට කර ඇති ප්‍රකාශයකින් හෙළිදරව් වේ.
මෙම බුදු රුව බෝ ශාඛයේ මුලකින් මතු වූ ගෙඩියක් බව ද එහි අසාමාන්‍යතා දුටු බව ද මුලින් කී ආචාර්ය සිරිල් විජේසුන්දර දැන් සියල්ල හෙළිදරව් කරමින් එම ගෙඩියේ තියුණු ආයුධයකින් බුදු රුව කොටා කලක් පස් යට සඟවා තබා ඇති බව පවසයි.
බුදුහිමියන්ගේ රුව පවා විකෘති කරමින් ජනතාවගේ ඇසට වැලි ගැසීමට දරන මෙම ප්‍රයත්නය පිටුපස භික්ෂූන් ද ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, දැනටමත් සිය දහස් ගණනින් ජනයා එම ප්‍රාතිහාර්යය දැක බලා ගැනීමට ඇදෙමින් සිටින බව හා ප්‍රදේශයේ සල්පිල් ආදිය විවෘත වෙමින් ඇති බව වාර්තා වේ.
පසුගිය සමයේ මෙවැනි බොරු හාස්කම් නිසා දොළුකන්ද විහාරයේ පිරිත් පැන් බෙදූ අනුරාධපුරයේ නන්දවිමල හිමි ඇතුළු බොහෝ අය ධනවත් වූ අතර මාස කීපයකට පසු ජනයාට එම ස්ථාන පිළිබඳව අමතක විය.
බොරු ප්‍රාතිහාර්ය පෙන්වා රෝග සුව කරන බවට මිනිසුන් රවටා ධන හා කීර්ති ලාභ අපේක්ෂා කරන ජාවාරම්කරුවන් ලංකාවේ සුලභ වන අතර, පසුගිය සතියේ මෙවැනි ක්‍රිස්තියානි අගමිකයකුගේ මෙහෙයකට සහභාගි වූ රෝගීන් දෙදෙනෙක් මරු මුවට පත් වූහ.

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.