Posts

Showing posts with the label ජනරළ

ප්‍රවෘත්ති ප්‍රබන්ධ කලාව

Image
pic courtesy of:The Star-Malaysia ගිය සතියේ ජනරළ පත්තරේ මුල් පිටුවේ තිබුණු පුවතක කියැවුණේ චීනයේ උමගක වසර 17ත් .තිස්සේ සිර වී සිටි පුද්ගලයකු පිළිබඳවයි. එම පුවත අනුව ඔහු වසර 17කට පෙර සිදු වූ හදිසි අනතුරෙන් පසු උමගේ පෙඳපාසි හා මීයන් ආහාරයට ගනිමින් ජීවත් වී තිබෙනවා. මේ උමගට කොහෙන්දෝ වාතාශ්‍රය ආ බවක් ද කියැවුණා.  මෙම පුවත පිළිබඳව සොයා බැලූ විට දැන ගන්නට ලැබුණේ එය World News Daily Report නම් වෙබ් අඩවියක පළ වූ ප්‍රබන්ධයක් බවයි. එම වෙබ් අඩවියේ පළ වන සියලු පුවත් මෙවැනි ඒවායි. ඔවුන් මේවා පළ කරන්නෙ සමාජ ජාල වෙබ් අඩවි හරහා වයිරල් කරගෙන පාඨකයන් තම වෙබ් අඩවිය වෙත ආකර්ශනය කර ගන්නටයි. එවිට එහි තිබෙන දැන්වීම්වලින් ඔවුන්ට ආදායම් ලබා ගන්නට පුළුවන්. අප පහත පළ කරන පුවත අධ්‍යයනය කරන්න. මෙම පුවත මේ සතියේ දිවයින ඉරිදා සංග්‍රහයේ මුල් පුවතයි. මෙම පුවත නිර්මානය කර ගෙන තිබෙන ආකාරය අධ්‍යයනය කරන්න. මෙහි මූලාශ්‍රය මාසයක් පමණ පැරණි ප්‍රවෘත්තියකි. මෙම හිටපු හමුදා කපිතාන්වරයා සහ අනෙක් කොටි සැකකරුවන් තිදෙනා ලංකාවට එවා දැන් සති ගණනාවකි. ඔවුන් පිළිබඳ ලංකාවේ පුවත්පත් විසින් වාර්තා කරන ලදී. ප්‍රභූ ඝාතන සිදු...

සටන් කරන අකුරු යළි පැමිණේ! ජනරළ යළි මාර්තු 02 සිට

Image
මම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයෙක් නො වෙමි. මට ඒ පක්ෂයේ අභ්‍යන්තරය ගැන ලොකු අවබෝධයක් නැත. එහෙත්, අප හිරු පුවත්පත පළ කළ කාලේ අප කෙරෙහි ඔවුන් තුළ නො තිබුණ සුහදකමක් දැන් තිබේ යයි මට සිතේ. වෙනත් මොකුත් බලාපොරොත්තු නැතිව ඒ මිතුරුකමට මම ආදරය කරමි. ජනරළ පත්තරය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අයත් පුවත්පතකි. මම එයට ලියමි. ඇත්තම කියනවා නම් හිරු පුවත්පතේ වැඩ කළ කාලයේ මෙන් ස්වේච්ඡා පුවත්පත් කලාවේදියකු ලෙස ලියමි. එය මගේ දේශපාලන කාර්යයක් ලෙස සලකා ලියමි.  සමාජ වෙනසක් වෙනුවෙන් විවෘත මනසක් ඇති මිනිසුන් පිරිසකට ආමන්ත්‍රණය කිරීම සඳහා ජනරළ වේදිකාවක් වනු ඇතැයි පතමි‍.  එම අරමුණින් ම මෙම බ්ලොගයේ ද මගේ ෆේස්බුක් හා ට්විටර් ගිනුම්වල ද එම ලිපි පළ කරමි. මේ සතියේ විදෙස් පිටුවට මම තරමක ‍අධ්‍යයනයක් කළෙමි. ඒ තෙලන්ගානා ගැනයි. තෙලන්ගානා කියන්නේ ඉන්දියාවේ 29වන ප්‍රාන්තයයි. එය ළඟදීම බිහි වනු ඇත. ලිපිය පුවත්පත පිට වූ පසු බ්ලොග් ගත කරමි.  ජනරළක් මිළ දී ගෙන කියවන ලෙස ඔබට ද ආරාධනා කරමි. එයට ලිව්වාට මා ද එය කියවන්නේ මිළ දී ගෙන ය. ඔබ වැය කරන ඒ මුදල අන්තර්ජාලය පරිහරණය නො කරන, මුද්‍රිත ප්‍රකාශන පමණක් ක...

සමාජ මාධ්‍ය යුගයේ විකල්ප පුවත්පත්

Image
(මෙම ලිපියේ මුල් කොටස සමාජවාදය වෙනුවෙන් විකල්ප පත්තර - 1 මැයෙන් කලින් පළ විය.) වේබ් 2 හෙවත් අන්තර්ජාලයේ දෙවන පරම්පරාවේදී සිදු වූ දෙයක් තමයි, හුදෙක් එක් පැත්තක සිට තොරතුරුලබා දෙන වෙබ් අඩවි වෙනුවට සන්නිවේදකයාගේ අන්තයෙන් මෙන් ම ග්‍රාහකයාගේ අන්තයෙන් ද පණිවුඩ සන්නිවේදනය සිදු වන අන්තර් ක්‍රියාකාරී මාධ්‍ය අවකාශයක් විවෘත වීම. මේක පණිවුඩ හා ප්‍රතිචාර සම්බන්ධ වන සාමාන්‍ය සන්නිවේදන ආකෘතිය වෙනස් කළ තත්වයක්. මෙහිදී සිදු වුණ තවත් දෙයක් තමයි, ඇතැම් වෙබ් අඩවිවල ප්‍රකාශකයා හුදෙක් ම තාක්ෂණික වේදිකාවක් සපයන්නකු බවට පත් වී පාඨකයා ම අන්තර්ගතයන් නිර්මානය කරන්නා බවට පත් වීම.  පුරවැසි මාධ්‍යකරුවාගේ භූමිකාව සජීවී වුණේ මෙම තත්වය තුළයි. ඕනෑම පුරවැසියකුට තමන්ගේ තොරතුරු හා අදහස් සෙසු අයත් සමග පහසුවෙන් බෙදා හදා ගන්න පුළුවන් අවකාශයක් අන්තර්ජාලයේ නිර්මානය වුණා.  එහි පළමු විප්ලවීය වෙනස තමයි, මාධ්‍ය වෘත්තිකයාගේ ආධිපත්‍යය බිඳ වැටීම. තොරතුරු හා අදහස් නිර්මානයේදීත්, ඒවා බෙදා හදා ගැනීමේදීත්, එය පාලනය කරන්න මාධ්‍ය වෘත්තිකයාට තිබුණු බලය දිය වී යන්න පටන් ගත්තා. පුරවැසි මාධ්‍යකරුවාගේ ප්‍රධාන මාධ්‍ය අවකාශය වුණේ ...

සමාජවාදය වෙනුවෙන් විකල්ප පත්තර - 1

Image
දැන් මම බ්ලොගර් කෙනෙක්. පුරවැසි මාධ්‍යකාරයෙක්. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක්. හැබැයි, මම මුලින් පත්තරකාරයෙක්. අපි පත්තර කෙරුවාව කළේ බඩ රස්සාවට නොවෙයි. සමාජවාදය වෙනුවෙන් කරන අරගළයේ කොටසක් හැටියට.  පත්තර කියන්නේ සුවඳ හමන කඩදාසි. ඒවා අතට අහු වෙනවා. පිටු පෙරළනකොට කොළ සර සර ගානවා. එක පත්තරේ කීපදෙනෙක් බලනවා. අපි පත්තරෙන් බතුත් ඔතනවා.ඉස්සර මම පත්තර එකතු කළා. ලිපි කපලා ගොනු කළා. මා ළඟ පරණ නවයුගය පත්තර මිටියක් කහ ගැහි ගැහී බොහෝ කාලයක් තිබුණා.පත්තරවලට ලියපු මුල් කාලේ ඒ ලියපු ලිපි කපලා අලවලා තියා ගත්තා. පස්සෙ කාලේ සමහර පත්තර ළඟ තියා නො ගෙන විනාශ කරන්නත් වුණා. අන්තර්ජාලයට ආවාට පස්සේ කඩදාසි එක්ක සම්බන්ධය නැතිව ගියාට, ඒ ස්පර්ශයේ, සුව‍ඳේ රොමැන්තික ගතිය තවමත් තියෙනවා.  බ්ලොගර්වරයෙක් වුණාට තවමත් මගේ හිතේ පත්තරවලට ලියන්න ආසාවක් තිබෙනවා. පත්තරවලදී අපට අන්තර්ජාලයේදී හමු වන පාඨකයන්ට වඩා වෙනස් පිරිසක් හමු වෙනවා. සමාජ මාධ්‍ය හරි ම අන්තර් ක්‍රියාකාරීයි. පාඨකයෝ ක්ෂණිකව ම ප්‍රතිචාර දක්වනවා. ඒත්, පුවත්පත් ලිපි එහෙම නෙවෙයි. ඒවායේ ප්‍රතිචාර කල්ගත වනමුත්, ඒවා ගැඹුරුයි කියා මට හිතෙනවා. තවමත් ලංකා...