අනෝමා මල් ලෑස්ති කර ගන්න; මෙන්න තවත් ළමා මවක් දරුවකු ප්‍රසූත කරලා
ඉහත ඡායාරූපය අප උපුටා ගත්තේ 2010 සැප්තැම්බර් 30 දිනමිණ පුවත්පතෙනි. රැවටීමකට හා දූෂණයකට ලක්ව 14හැවිරිදි වී සිටියදී දරුවකු ප්‍රසූත කළ දැරියක ගැන එම පුවතේ පළ විය. "සිද්ධිය පිළිබඳව ළමා ආරක්ෂක අධිකාරියට තොරතුරු ලබාදුන් කොළඹ කාසල් රෝහලේ වෛද්‍ය ශ්‍රියානි ලියනගේ මහත්මිය ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය මල් කළඹක් දී පිළිගත් අයුරු. නියෝජ්‍ය ඇමැති එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා සහ කාසල් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රානි ප්‍රනාන්දු මහත්මියද මෙහි වෙති," යනුවෙන් එදා මෙම ඡායාරූපය සමග සඳහන් විය. මේ අද නෙත් රේඩියෝවේ වෙබ් අඩවියේ පළ වූ පුවතකි: "බණ්ඩාරවෙල අඹදණ්ඬේගම ප‍්‍රදේශයේ 14 හැවිරිදි දැරියක් දරුවෙකු ප‍්‍රසූත කර තිබෙනවා. නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ එම දැරියගේ සහෝදරයෙකුගේ නිවසේදී මෙම දරු ප‍්‍රසූතිය සිදුව ඇති බවයි. මේ වන විට දැරිය සහ බිළිඳා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති බවද නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවා. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා." දැන් මෙවරත් ජාතික ළමාරක්ෂක අධිකාරිය හා වෙනත් ආයතන මෙම සිදුවීම සමරමින් සිනා ස...