දොස්තර මහත්තයා ලෙඩ දරුවාට පයින් ගැසුවේ ඇයි?
මාතලේ රෝහලේ වෛද්‍යවරයෙක් බෙහෙත් ගැනීමට බාහිර රෝගී අංශයට පැමිණි පස්හැවිරිදි පිරිමි දරුවකුට පයින් ගැසීම ගැන මව කළ පැමිණිල්ල මත පොලිසිය හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ. වෛද්‍යවරයාට කුකුළු කේන්තියක් ගොස් තිබෙන්නේ පෝලිමේ සිටි දරුවා වෛද්‍යවරයාගේ කාමරයේ හාඩ්බෝඩ් බිත්තියට හේත්තු වූ හෝ තට්ටු කළ නිසා යයි කියැවේ. දරුවන්ට පහර දීම පාසල්වල නම් සාමාන්‍ය දෙයකි. එහෙත්, මේ දරුවා පෙර පාසල් වයසේ සිටින අයෙකි. පෙර පාසල්වල එවැනි පහරදීම් සිදු වන්නේ නැත. රෝහල්වල නම් වැඩිහිටියකුට හෝ සාමාන්‍යයෙන් පහර දෙන්නේ නැත. මේ වෛද්‍යවරයා එසේ පහර දෙන්නට ඇත්තේ තමන් පාලනය කර ගැනීම පිළිබඳ ගැටලුවක් නිසා විය හැකි ය. වෛද්‍යවරයෙක් යනු සමාජයේ වෙනත් වෘත්තිකයකු වැනි ම අයෙකි. එහෙයින් එවැන්නන් අතින් මෙවැනි වැරදි සිදු වීම සාමාන්‍ය තත්වයකි. ඒ සම්බන්ධයෙන් දඬුවම් කිරීම අත්‍යවශ්‍ය ය. මාධ්‍ය ඒ පිළිබඳ ප්‍රසිද්ධ කිරීම ද නරක දෙයක් නො වේ. මන්ද, එවැනි තත්වයන් පාලනය කිරීමට ඒවා ඉවහල් වන බැවිනි. එහෙත්, ලංකාවේ වෛද්‍යවරු කියන්නේ පෞද්ගලීකරණය නිසාත්, අධිකතර සමාජ උන්නතිකාමය නිසාත් බැට කන පිරිසක් බව අප...