Posts

Showing posts with the label පොදු දේපල වංචා

සාරිය පිච්චියට ගියත් දකුණු පළාතේ බල්ලො හෙළුවෙන්

Image
දකුණු පළාත් මහ ඇමති ශාන් විජයලාල් සිල්වා මව්වරුන්ගේ පෝෂණය ඉහළ නැංවීමට තිබෙන අරමුදල්වලින් සාරි 16,000ක් බෙදමින් සිටින බව එම පළාත් සභාවේ ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී අජිත් ප්‍රසන්න චෝදනා කරයි.  ප්‍රධාන ඇමතිවරයා කියන්නේ සාරි බෙදන්නේ මව් සෞඛ්‍ය සමාජවල ඉල්ලීමට ය කියා ය.  එක අතකට ඔය වැඩකට නැති බාල ආහාර ද්‍රව්‍ය ටිකකට වඩා සාරිය වටිනවා ය. මන්ද, එය බාල කරන්නට පුළුවන් එක්තරා සීමාවකට පමණක් නිසා ය. අනෙක, සාරියෙන් ගහන්නට පුළුවන් ද ලෝක්කන්ට පමණ ය. සබ්බේ සත්තා ආහාරත්තිථිකා නිසා ආහාරවලින් උඩ සිට පහළට ම ගහනු ලැබේ.   ලොකු ලොක්කන්ගේ බිරියන් බාල සාරි නො අඳින නිසා අඳින්නට කියා ඒවා සොරකම් කරනු ඇතැයි සිතිය නො හැකි ය. ඒ නිසා එය දූෂණය පාලනය කිරීමට ගත් පියවරක් ලෙස සලකන්නට ද පුළුවන.  ඇමතිවරයාගේ පැත්තෙන් බැලූ කල සාරි බෙදනකොට එය පෙනෙන්නේ හරියට ඇමතිගේ අතින් මිටින් දෙන එකක් ය කියා බැවින් එය මනාප පොරයේදී වාසිදායක ය. අනෙක මේ රටේ නිර්මානශීලිත්වය කියන්නේ මෙවැනි අදහස්වලට ය. දැන් ඔය චිත්‍රපටි ගහන සුනිල් ආරියරත්න වැනි කලා රත්නයන් පවා කරන්නේ මෙවැනි ම වැඩ නොවේද?  අනෙක් පැත්තෙන් සාරි 16,000ක් යනු ...

බලු පත්තරයක් වූ මන්ත්‍රී වාහන ආනයන බලපත්‍රය | Duty free vehicle import permits of some MPs of Sri Lanka go to dogs

Image
( 2010 දෙසැම්බර් 21,  W3Lanka )  පාර්ලිමේන්තු මන්ත්‍රීන් 65ක් මේ වන විට තමන්ට මහජනතාවට සේවය කිරීම සඳහා ගමන් බිමන් යාමට බදු සහන මත ආනයන මිළ රු. ලක්ෂ 55ක පමණ වටිනාකමක් ඇති වාහනයක් ආනයනය කිරීම සඳහා ලබා දුන් බලපත්‍රය නීති විරෝධී අන්දමින් විකුණා ඇති බව අද The Island පුවත්පත වාර්තා කරයි.  මෙම මන්ත්‍රීන් අතර කැබිනට් ඇමතිවරු දෙදෙනෙකු ද සිටින බව ද ඉන් එක් අයෙකු සිය බලපත්‍රය විකුණා ඇත්තේ රු. මිලියන 15කට බව ද අනෙකා සිය බලපත්‍රය රු. මිලියන 12.5කට විකුණා ඇති බව  The Island  පුවත්පත පවසයි.  මේ වනාහි ලංකාවේ රජයට ලැබිය යුතුව තිබුණු බදු ආදායමක් වංචනික අයුරින් සිය සාක්කුවට දමා ගැනීමේ මහා පොදු දේපල වංචාවකි.  දූෂණය පිළිබඳ මහ හඬින් කතා කරන ජනතා විමුක්ති පෙරමුණ පවා මෙම කරුණේදී නිහඬව සිටින ආකාරය සැක උපදවයි.  හවුලේ හොරකම් කිරීම සඳහා ජවිපෙ ද මීට පෙර ආණ්ඩුව සහ එජාපය සමග එකතු වී තිබෙන අවස්ථා තිබේ. බස්නාහිර පළාත් සභාවේ ජවිපෙ මන්ත්‍රීවරයකු ද ඇතුළුව මන්ත්‍රීන් පිරිසක් මේ වසර මුලදී මාස තුනක් පළාත් සභා රැස්වීම්වලට සහභාගි ‍නො වීම නිසා මන්ත්‍රී පදවි අහිමි වූ අවස්ථ...