Posts

Showing posts with the label සරසවි

මල්ලිකා මුදලාලි හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම

Image
අපේ නගරයේ එක් සිල්ලර කඩයක් ඇත. එහි මුදල් කවුන්ටරය භාරව සිටින වයසක මුදලාලි මුදල් ගනුදෙනුවක් අවසන් කිරීම සඳහා සෑහෙන කාලයක් ගනියි. කිසි දිනෙක ගණක යන්ත්‍රයක් පාවිච්චි නො කරන ඔහු වේවල්න අතින් කඩදාසියක ලියූ ගණන් තුන් පාරක් එකතු කර මුදල් ද තුන් පාරක් ගණන් කර සතයට ගණන් බේරයි.  මේ ගැන උරණ වී සිටි මගේ බිරිඳ එම කඩයෙන් බඩු ගැනීම නැවැත්වූයේ එකී මුදලාලි වෙන කිසිවක් කර ගන්නට බැරි වූ දිනෙක සත පනහක් ඉතිරි සල්ලි වැඩිපුර දී "ඔන්න සත පනහක් වැඩිපුරත් තිබෙනවා" යයි ආඩම්බරෙන් කී දවසේ ය.  මෙවැනි කුම්මැහි ක්‍රියාවක් ඩයලොග් කොම්පැනිය ද කරයි. රු. 100ක රිලෝඩ් එකක් දැමූ පසු හිටි හැටියේ මහ රෑ 12ට, එකට එවනු ලබන කෙටි පණිවුඩයකින් අප සත අසූවක් උපයාගෙන ඇති බව කියා සුබ පතනු ලැබේ.  ලංකාවේ ආණ්ඩුව ද එවැනි එකකි. සරසවි ඇදුරන්ගේ අභ්‍යන්තර විභාග උත්තර පත්‍ර බැලීමේ දීමනාව පසු ගුණයකින් වැඩි කළ බව ආණ්ඩව කියයි. මෙතෙක් කල් උත්තර පතුයක් බලන්නට දී ඇත්තේ රපියල් විස්සකි. ඒ විස්ස රු. 100 කර තිබේ. කොහොමද පස් ගුණය? බාහිඑ දේශනයක් සඳහා දීමනාව තුන් ගුණයකින් වැඩි කර තිබේ. කලින් ගෙවා ඇත්තේ පැයකට පන්සීයකි.  මේ ලිපිය...

සරසවි මුදා ගැනීමේ මානුෂික මෙහෙයුමට පෙර | Before the humanitarian operation to liberate universities of Sri Lanka

Image
( 2010 ඔක්තෝබර් 19,  W3Lanka ) පසුගිය මාස දෙක තුළ සරසවි සිසුන් 176ක් පංති තහනමට ලක් ව ඇති අතර තවත් සිසුන් 27ක් රිමාන්ඩ්භාරයට පත් ව ඇති බව වාර්තා වේ.  රජයේ හා රජයට ගැති ජනමාධ්‍යත් විවිධ සංවිධානත් මුළු ජවයෙන් ම උත්සාහ කරමින් සිටින්නේ සරසවිවල කැළඹීම්වලට හේතුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනික උවමනාවන් මත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සිසුන් නො මග යවමින් සිටීම බව පෙන්වා දීමටයි. ජනයා හැසිරවීම (manipulation) දේශපාලනයේ ප්‍රධාන අංගයකි. ජවිපෙ සරසවි සිසුන් සියුම් ලෙස හැසිරවීම හා ජවිපෙ විසින් සරසවි සිසුන් නො මග යවමින් තිබේ යයි කියමින් රජය  එම ශිෂ්‍ය අරගල මර්දනය කිරීම සඳහා ජනතා සහයෝගය ඉල්ලා සිටීම ද එක ම අන්දමේ දේශපාලන හැසිරවීම් වේ. දේශපාලකයන්ට ජනතාව යනු මූර්ති ශිල්පියාට මැටි මෙන් තමන්ට ඕනෑ අන්දමින් අඹා ගත හැකි අමු ද්‍රව්‍යයකි. ජනතාවගෙන් බහුතරය මැට්ටන් වූ විට ඔවුන්ගේ කර අඹවාගෙන තමන්ගේ කුඹුරු හා ගැනීම දේශපාලකයන්ට පහසු වේ. කොයි දේශපාලකයාත් කරන්නේ එයයි. ලංකාවේ දේශපාලනය යනු බුද්ධිමත් ජනතාවක් සමග කරනු ලබන්නක් නො වන නිසා ජනතාවගේ පාර්ශ්වයෙන් බුද්ධිමත් හැසිරීම් අපේක්ෂා ක...