ග්‍රහයා නීච වූ රටක සැබෑ ආශ්චර්යයක් වූ ග්‍රහලෝකාගාරය | Sri Lanka Planetarium, an astronomical wonder in an astrology venerated land
ගමන් දෙකක් ග්‍රහලෝකාගාරය බලන්නට ගියා මතක ය. "අපි කොළඹ ඉඳිද්දී ග්‍රහලෝකාගාරය බලන්න ගියා ද?" මම බිරිඳගෙන් ඇසීමි. "මම නම් ගියේ පොඩි කාලෙ ගමේ ඉස්කෝලෙන් ගිය ට්‍රිප් එක විතරයි. ඒකෙදිත් මට දර්ශනය අතරමගදි නින්ද ගියා." ඇය කීවා ය. පාන්දරින් ඈත සිට කොළඹ එන ළමයින්ට ග්‍රහලෝකාගාරයේ කෘත්‍රිමව ඇති කරන රාත්‍රියේ නින්ද යාම සුලබ තත්වයකි. මම හිතන්නේ දෙවෙනි වර මා ගියේ තනිව ය. කෙසේ වෙතත්, දෙවෙනි වර තරුණයකු ලෙස ග්‍රහලෝකාගාරය බලන්නට ගිය අතීතකාමී ගමනේ අත්දැකීම වූයේ ග්‍රහලෝකාගාරය පොඩි කාලයේ සිතා සිටි තරම් ලොකු නො වීම හා වැඩසටහන එදා තරම් රසවත් නො වීමයි. පොඩි ළමයකු ලෙස මෙන් ම ලොකු මිනිසකු ලෙසත් මගේ රස නහර පිනවූ බෙරි ගෙඩි පිරුණු ජෑම් ගස් ග්‍රහලෝකාගාර වත්තේ තිබුණු බව කෘතවේදීව සිහිපත් කරමි. ආණ්ඩුව ග්‍රහලෝකාගාරය වෙනුවෙන් නව ප්‍රක්ෂේපණ පද්ධතියක් මිළ දී ගන්නට යන බවට පුවතක් කියවූයෙමි. ඒ පිළිබඳ තැබූ සටහන මෙහි ඇත. තාරකා විද්‍යාවට වඩා ජ්‍යොතිෂයට තැනක් ඇති ආසියාවේ ආශ්චර්යයේ ග්‍රහලෝකාගාරය ඇත්ත ම විස්මයකි. ග්‍රහලෝකාගාරය ගැන කරුණු සොයද්දී මම පළමු වරට එය අයත් වන්නේ තාක...