Posts

Showing posts with the label Somawathi

සෝමාවතියේ පෑගී මිය යාම හා බුදුන්ගේ පෙළහර තහනම | Stampede at Somawathi in Sri Lanka and Buddha's ban on miracles

Image
(2010 මැයි 11 -  W3Lanka )  ඇල්ල වැලිමඩ පදිංචිව සිටි ඩබ්ලිව්. පොඩිඅප්පුහාමි හැත්තෑ හැවිරිදි ය. ඔහු මිය ගියේ සෝමාවතී පුදබිමේදී ය. ඒ තමන් පැමිණි ලොරි රථයට ගොඩවීමට ගොස් බිමට වැටී බව දිනමිණ පුවත්පත පවසයි. ගලේවෙල එම්. පී. ලයනල් සමරවික්‍රම 42 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සෝමාවතී පුදබිම තුළ බස් රථයකින් ගමන් කරමින් සිටියදී හෘදයාබාධයකින් හදිසියේ මිය ගොස් ඇත. රාජගිරියේ පදිංචිව සිටි එම්. විමලාවතී (53) ද මිය ගියේ හෘදයබාධයකිනි. කිසිවෙක් සෝමාවතියේදී පෑගී මිය නොගිය බව කියන්නට ඇතැමෙකුට උවමනා වී තිබේ. එහෙත්, අධික තදබදය නිසා 25දෙනෙකු රෝහල්ගත කරන්නට තරම් මිරිකී ඇක. තවත් 25දෙනෙකුවත් අතරමං වූහ. මහා ජන තෙරපීම හෙවත් stampede කියා සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ මෙවැනි සිද්ධි ය. මක්කම වැනි තැන්වල සිදු වන මෙවැනි සිද්ධි ලංකාවේ ඉතා දුලබ ය. මීට පෙර බොහෝ විට අපට අසන්නට ලැබුණේ පෙරහැරවල අලි කුලප්පු වීමෙන් සිදු වූ අනතුරු පිළිබදවයි. සෝමාවතියේ 'පෑගී මිය යාම' සිදු වූයේ එහිදී බුදු රැස් විහිදුවන බවට එක් භික්ෂුවක් විසින් කරන ලද ප්‍රචාරයට රැවටී එම ආශ්චර්යය දැක ගැනීමට අති විශාල ජනකායක් එහි රැස් වූ බැවිනි. මෙකී ආශ්...