වොලිබෝල් සිරා ක්‍රිකට් සිරා වුණා නම් | If volleyball Sira was cricket Sira
මාධ්‍යවලට ඔහු තරුණ කාලයේ හොඳ සේයාරුවක් නොතිබිණි. (2010 මැයි 17 - W3Lanka ) වොලිබෝල් සිරා නමින් ලංකාවේ පුරාවෘත්තයක් වී සිටි ගම්පහ ඩබ්.එල්. සිරිවර්ධන 72 වියේදී වොලිබෝලයෙන් ද ගම්පහින් ද ලංකාවෙන් ද සමු ගත්තේ ය. ඔහු වෙනුවෙන් ජනාධිපතිවරයා ශෝක ප්‍රකාශ නිකුත් කළේ නැත. ක්‍රීඩාවේ විශිෂ්ඨයන් කැඳවා දහසින් බැඳි පියලි පිරිනමන විට ඔහුගේ ක්‍රීඩා උපදේශකවරු සිරා කියා කෙනෙක් සිටින බව ඔහුට කීවේ ද නැත. කලක් ගම්පහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වී සිටිමුත් සිරා දේශපාලනයෙන් ඩෑෂ් ගැසුවේ නැත. ඔහු මිය ගියේ ද සාමාන්‍ය මිනිසකු ලෙසයි. එහෙත් ඔහු වොලිබෝල් ක්‍රීඩාවේ අසාමාන්‍ය දක්ෂතා පෙන්නුම් කළ අයෙකු බව ඔහු පිළිබඳ දන්නෝ දනිති. සිරා පිළිබඳ ලියා ඇති හොඳ බ්ලොග් සටහනක් මෙම සබඳතා පුරුක ඔස්සේ ගොස් කියවිය හැකි ය. වොලිබෝල් සිරා වොලිබෝල් සිරා නොවී ක්‍රිකට් සිරා වූවා නම් සිරා මිය යන්නේ සල්ලි උඩයි. වොලිබෝල් සැබැවින් ම ජාතික ක්‍රීඩාව වුණා නම් සිරාට සිදු වන විපර්යාසය කුමක් වුවත් ලංකාව නම් මීට වඩා නිරෝගී ජාතියක් වන්නට තිබිණි. කුඩා ඉඩකඩක, අඩු පහසු...