බස්නාහිර පළාත හෙවත් හයිලෙවල් පාර | Is Western Province in Highlevel Road?
(2010 මැයි 08 - W3Lanka ) දිනමිණ පුවත්පත කියන අන්දමට බස්නාහිර පළාතේ පාසල් සිසුන් සඳහා නොමිලේ ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ. කොට්ටාව - රුක්මල්ගම සිට පිටකොටුව දක්වා සතියේ දින පහේම මෙම බස්රථ සේවාව ක්‍රියාත්මක වේ. මේ සද්කාර්යය සඳහා බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට අයත් පෞද්ගලික බස්රථ හිමියන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති බව ද කියැවේ. මේ පුවතට අනුව, දැන් බස්නාහිර පළාතේ ළමයින්ට තිබෙන්නේ කොහේ සිට හෝ කොට්ටාවට ඒමයි. එතැන් සිට පිටකොටුවට නොමිලේ බසයෙන් යා හැකිය. තමන්ගේ පාසල අතරමග හමු වන්නේ නැතිනම් පිටකොටුවෙන් බැස වෙනත් බසයකින් එහි යා යුතු ය. බස්නාහිර පළාතේ නිසා එකහමාරට වන්නට පෙර කෙසේ හෝ පාසලට යන්නට පුළුවන. පුංචි දෙයක් කර මහා ප්‍රචාරයක් ගන්නට ගිය විට මෙවැනි දේ සිදු වේ. හයිලෙවල් පාරේ පාසල් සිසුන් සඳහා නොමිලේ ප්‍රවාහන සේවාවක් කියූ විට එය එක පාරකට පමණක් සීමා වී පෙනෙන නිසා බස්නාහිර පළාත් ප්‍රවාහන ඇමති උපාලි කොඩිකාර එය ලොකු කර පෙන්වන්නට එය බස්නාහිර පළාත සඳහා ම වූ එකක් බව කියයි. මහරගම, කොට්ටාව පැත්තෙන් ඡන්දය අපේක්ෂා කරන...