බන්දුලගේ සෙනසුරාදා අධ්‍යාපන සංකල්පය
(2010 ජුලි 17, W3Lanka ) අපේ අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිකම භාර ගත් දා සිට අධික ලෙස නෑමට බර ය. පසුගිය දිනෙක අධ්‍යාපන ඇමතිතුමා මාර නිර්මානාත්මක සංකල්පයකැයි සිතාගෙන (දැනටත් ගණිත විෂයට පවතින) ලකුණු 25 සහ 34 අතර ලකුණු සඳහා සාමාර්ථයක් හඳුන්වා දෙන බවට ලොකු ප්‍රචාරයක් ගෙන ගියේ ය. ආණ්ඩුවේ කිලිනොච්චි කැබිනට් රැස්වීමෙහි සිදු වූ වැදගත් ම දෙය වූයේ ජනාධිපතිතුමා මේ මාර සංකල්පයට නෝන්ඩිය දැමීමයි. ළමයින්ගේ බුද්ධි මට්ටම වැඩි දියුණු කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිතුමා බන්දුල ඇමතිතුමාට උපදෙස් දුන්නේ මේ වගේ මෝඩ යෝජනා ආයෙ නම් ගේන්න එපා යි නො කියා කියමිනි. දැන් අධ්‍යාපන ඇමතිතුමාට තවත් නිර්මානාත්මක අදහසක් පහළ වී තිබේ. ඒ වනාහි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුනට සෙනසුරාදා ද පාසල් පැවැත්වීමයි. ටියුෂන් මුදලාලිලා ව්‍යාපාරික වශයෙන් සාර්ථක වන්නේ අධ්‍යාපන මනෝ විද්‍යාවක්, නිශ්චිත අධ්‍යාපන ක්‍රම විද්‍යාවක් අදාළ නො වන නීච අධ්‍යාපන වෙළඳපොලක් තුළ ය. ළමයින් හාර පන්දාහකට දේශනයක් පවත්වන සන්නස්ගල සාර්ථක ව්‍යාපාරිකයකු මිස හොඳ ගුරුවරයකු නොවේ. මක් නිසා ද යත්, ළමයින...