Posts

Showing posts with the label මහනායක හිමිවරු

සොරි තමා අපේ හාමුදුරුවනේ: ෆොන්සේකාට ගහන්නේ ගොන් සේනාවට රිදෙන්න

Image
( 2010 සැප්තැම්බර් 30,  W3Lanka )  හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රට වෙනුවෙන් කර ඇති ශ්‍රේෂ්ඨ මෙහෙවර පිළිබදව සලකා ඔහු නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ත්‍රෛ නිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තාවේ. ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, හා අස්ගිරි පාර්ශවයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක දවුල්දෙන ඤාණීස්සර සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක වේවැල්දෙනියේ මේධාලංකාර යන නාහිමිවරු ජනාධිපතිවරයාට ලිපියක් යවමින් එම ඉල්ලීම කර ඇත. මහ නායක හිමිවරුන් විසින් දැන ගත යුතුව තිබෙන කාරණයක් තිබේ. එනම්, ෆොන්සේකාට රාජපක්ෂ පවුල මෙසේ නඩු පිට නඩු දමමින් වධ දෙන්නේ මන්ද යන්නයි.  ෆොන්සේකා කෙතරම් නිර්භීත සටන්කරුවකු වුණත්, දේශපාලන අපරිණතකම හා ලංකාවේ විපක්ෂයේ කුහකකම් නිසා ඔහු මේ වන විට අවලංගු කාසියක් වී හමාර ය. ලංකාවේ විපක්ෂයේ නායකත්ව භූමිකාවක රික්තයක් තිබෙන මුත් ෆොන්සේකාට එතැනට ආදේශ වීම පහසු නැත. ඔහුගේ ගිනිපුක් චරිත ලක්ෂණ මාධ්‍ය ඉදිරියේ සඟවා ගැනීමට ...

මහ නායක හිමිවරු එක එකාට බයේ ලියුං අස්සං කරනවා ද?

Image
(2010 පෙබරවාරි 14- W3Lanka )    මහා සංඝයාවහන්සේලා ප්‍රමුඛ ප්‍රධාන නාහිමිවරුන්ගේ ද අත්සන් බලහත්කාරයෙන් හෝ ලබාගෙන, සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කරන ලෙස ඉල්ලා සිටින ව්‍යාජ සංදේශයක්‌ සැකසීම සඳහා පිරිසක්‌ ක්‍රියාකරන බව රජයට වාර්තා වී ඇතැයි රජයේ ප්‍රකාශකයෙක්‌ සඳහන් කළ බව ද මෙම සංදේශයට අත්සන් කිරීම සඳහා ප්‍රධාන පෙළේ නායක ස්‌වාමීන් වහන්සේලා 15 නමක්‌ පමණ තෝරා ගෙන ඇති බවද අනාවරණය වී ඇතැයි ද ඊයේ දිවයනි පුවත්පත වාර්තා කළේ ය. එම වාර්තාව අනුව සඟ සසුනේ මුදුන් මල්කඩ වන් මහනායක හිමිවරු වනාහි එක එක බල්ලන්ට බයේ ලියුං අස්සං කරන පිරිසකි. මෙසේ කියන සහ ලියන බල්ලන් ගැන මහනායක හිමිවරුන් සහ බෞද්ධයන්ට කියන්නට ඇත්තේ කුමක්දැයි අපට නො තේරේ. පහත පළ වන්නේ එසේ බයේ අස්සං කළ ලියුමයි. සියම් නිකායේ මල්වතු අස්ගිරි පාර්ශ්වවලත්, අමරපුර හා රාමඤ්ඤ යන සිව් නිකායේ මහනායක හිමිවරු මෙම ලිපියට බය නිසා අත්සන් කර ඇත.