Posts

Showing posts with the label ෆාතිමා රිෆ්කා බාරි

ලාංකික රිෆ්කා බාරිගේ ඇමරිකාවේ මාධ්‍ය සංදර්ශනය | Sri Lankan born Rifqa Bary's media show in Us

Image
(2010 පෙබරවාරි 25- W3Lanka )   මෙම ඡායාරූපයේ සිටින 17 හැවිරිදි ලාංකික දැරියගේ නම රිෆ්කා බාරි ය. ඇය දැන් ජීවත් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාහිය.  කලින් ඔහියෝහි මව්පියන් සමග ජීවත් වූ උපතින් ඉස්ලාම් ආගම ඇදහූ අයෙකු වූ ඇය පසුව ක්‍රිස්තියානියට හැරී, ඒ හේතුවෙන් තම පවුලේ අය තමන් මරනු ඇතැයි බිය බව පවසමින් නිවසින් පැන ගොස් එක්සත් ජනපද ජනමාධ්‍යයන්හි කතාවක් නිර්මානය කළාය.  ඇය පිළිබඳ පැවැත්වෙන අධිකරණ කටයුතුවලදී ඇගේ නීතිඥයන් පෙන්වා දුන්නේ ලංකාවට පැමිණීයහොත් ඇය මරා දමනු ඇති බවයි.  සිය සිහින දේශයන් වන ඇමරිකාවේ හෝ බටහිර යුරෝපයේ පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ලංකාවේ මිනිස්සු ඉතා නිර්මානශීලී ලෙස කටයුතු කරන බවට මෙම සිද්ධිය උදාහරණයක් විය හැකිය. 

ඉස්ලාම් අත්හැර ක‍්‍රිස්තියානියට හැරී ප‍්‍රසිද්ධියට පත් ලාංකික රිෆ්කාගේ කතාව

Image
ෆාතිමා රිෆ්කා බාරි යනු එක්සත් ජනපදයේ ඔහියෝ ප‍්‍රාන්ත රාජ්‍යයෙහි ජීවත් වූ 17 හැවිරිදි ශ‍්‍රී ලාංකික සම්භවයක් ඇති යව්වනියක්. ඇය පසුගිය දිනවල එරට ජනමාධ්‍යවල පුවතක් නිර්මානය කළා. උපතින් ඉස්ලාම් දහම හිමි මුස්ලිම් අයෙකු වූ ඇය පසුගියදා ක‍්‍රිස්තියානිය වැළඳගෙන තිබෙනවා. එය ඇගේ ෆේස්බුක් විස්තරයෙන් සිය පවුලේ අය දැන ගැනීමෙන් පසු ඇය ෆ්ලොරිඩා රාජ්‍යය වෙත පළා විත් තිබෙනවා. ඇය සහ ඇමරිකාවේ ශුභාරංචි ක‍්‍රිස්තියානි නිකායිකයන් පවසන්නේ ඇගේ දෙමාපියන් ඇය ලංකාවට ගෙන ආවොත් ඇය නියත වශයෙන්ම පවුලේ ගෞරවය වෙනුවෙන් මරා දැමෙනු ඇති බවයි. කුරානයේ මෙවැනි ගරුත්වය වෙනුවෙන් කරනු ලබන මරණ පිළිගන්නා බව හා ලංකාවේ ශුභාරංචි ක‍්‍රිස්තියානි නිකායිකයන් ඝාතනයට ලක් වන බව ඇතැම් එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරනවා. ලොව පුරා මෙවැනි ගරුත්වය වෙනුවෙන් කෙරෙන මරා දැමීම් 5000ක් පමණ වසරකට සිදු වන බව ඔවුහු එක්සත් ජාතීන්ගේ ජනගහණ වාර්තා උපුටා දක්වමින් පවසනවා. මේ අතර මේ යව්වනියගේ මවිපියන් වන මොහොමඞ් සහ අයිෂා බාරි පවසන්නේ සිය දියණිය මුරණ්ඩු ගතිගුණ ඇත්තියක බවයි. මොහොමඞ් ස්වර්ණාභරණ වෙළෙන්දෙක්. රිෆ්කාට තර්ජන ඇති බවට විශ්වාස කළ හැකි වාර්තා නැති බව ෆ්ල...