Posts

Showing posts with the label දෙමළ ජනයා

ඓතිහාසික දෙමළ මුස්ලිම් සමගියක ආරම්භය සලකුණු වේ

Image
(2010 පෙබරවාරි 02- W3Lanka )  කොටි සංවිධානයේ හා ඇතැම් මුස්ලිම් නායකයන්ගේ ජාතිවාදී ක්‍රියාමාර්ග හේතුවෙන් දීර්ඝ කාලයක් බෙදී වෙන් වී සිටි ලංකාවේ දෙමළ කතා කරන දෙමළ හා මුස්ලිම් ජනයා අතර ඓතිහාසික දේශපාලන සන්ධානයක් බිහි වෙමින් තිබේ. එහි එක් පෙරමුණකදී දෙමළ හා මුස්ලිම් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරි මහ මැතිවරණය සඳහා එක පෙරමුණකින් උතුරු-නැ‍ඟෙනහිර පළාත් තරග කිරීමට සැරසෙමින් සිටිති. මැතිවරණ පෙරමුණු ගොඩනැඟීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. මධ්‍යස්ථ මතධාරී දෙමළ, මුස්ලිම් බලවේග එක්ව පොදු අභිලාෂයන් පද්ධතියක් සැකසිය යුතුව තිබේ. මහ මැතිවරණයේදී එයට ජනවරමක් ලබා ගැනීමට හැකි නම් එය ලංකාවේ සුළු ජාතීන්ගේ පැත්තෙන් ජයග්‍රහණයකි. සුළුතර ප්‍රජාවන් සමග තිරසාර සංහිඳියාවක් සඳහා අඩු උනන්දුවක් දක්වන වත්මන් පාලක බල හවුල සමග සිය ගැටළු පිළිබඳ සංවාදයක් ආරම්භ කිරීමට හා ජාත්‍යන්තර ප්‍රජාව වෙත ‍ඉදිරිපත් කිරීමට මෙම ජනවරම මහෝපකාරී වනු ඇත. භාෂා පදනමින් මෙම ප්‍රජාවන් දෙක එක් දේශපාලන ප්‍රජාවක් වන මුත් ඔවුන් අතර සංස්කෘතික හා ආගමික විවිධත්වයක් තිබේ. මුල් යුගයේ ලංකාවේ...

දෙමළ ජනයා වෙනම ජනතාවක් බව ඡන්දෙන් කීවා -සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්

Image
(2010 පෙබරවාරි 01- W3Lanka )  දෙමළ ජනයා මහින්ද රාජපක්ෂට විරුද්ධව ඡන්දය දීමෙන් ඔවුන් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන බව පවසා ඇතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.  තමන් වෙන ම ජනතාවක් බව හා තමන්ට දේශපාලන විසදුමක් අවශ්‍ය බව මෙම ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව පවසා ඇති බව ද ඔවුන් සමග බලය බෙදා ගැනීම අවශ්‍ය බව ද ප්‍රේමචන්ද්‍රන් පවසයි. ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ ක්‍රියාවලිය ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයෙන් පසු අවධිය දක්වා කල් දමා තිබේ.  එහෙත් සිංහල සමාජයේ පවතින තත්වය අනුව කිසිදු ආකාරයක බලය බෙදා ගැනීමකට සිංහල ජාතිකවාදී බලවේග ඉඩ නො දීමට හැකි ය.

බ්‍රිතාන්‍යයේ ඊලාම් ජනමත විචාරණය මේ සති අන්තයේ

Image
(2010 ජනවාරි 30 - W3Lanka )  ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා දෙමළ දේශපාලන නායකත්වය එකඟතාවකට එළඹුණු පළමු අවස්ථාව වන 1976 වඩුක්කොඩෛහි පැවැත්වුණු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු සම්මේලනයේදී නිකුත් කරන ලද වඩුක්කොඩෛ ප්‍රකාශය යළි බලාත්මක කිරීම පිණිස විදෙස්ගත දෙමළ ජාතිකවාදීන් විසින් පවත්වනු ලබන ජනමත විචාරණ මාලාවේ මීළඟ අදියර මේ සති අන්තයේ පැවැත්වේ. එහිදී බ්‍රිතාන්‍යයේ ජීවත් වන ලාංකික දෙමළ ජනයා සිය ඡන්දය දීමට නියමිත ය. මීට පෙර ද මෙවැනි ජනමත විචාරණ මාලාවක් නෝර්වේ, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ස්විට්සර්ලන්තය හා ඕලන්දය යන රටවල පැවැත්විණි. ජර්මනිය, ස්විට්සර්ලන්තය හා ඕලන්දය යන රටවල ජනමතවිචාරණ ගිය සතියේ පැවැත්විණි. මේවායෙහිදී අති බහුතර ඡන්දයෙන් ඊලාම් රාජ්‍යයක අවශ්‍යතාව තහවුරු කරගෙන ඇත. කොටි සංවිධානයේ යුදමය අරගලයේ පරාජයෙන් පසු දෙමළ ජාතිකවාදීන්ගේ උපායමාර්ගය වී තිබෙන්නේ යළි තහවුරු කර ගන්නා ලද ජනවරමක් ඔස්සේ දෙමළ ඊලාම් විමුක්ති අරගලය නව මුහුණුවරකින් දියත් කිරීමයි.

කැනඩාවේ ඊලාම් ජනමතවිචාරණය හෙට

Image
(2009 දෙසැම්බර් 18 - W3Lanka ) ලංකාවේ දේශපාලන ප්‍රජාව හා එහි  නායකයන් දශක තුනක යුද්ධයකට හේතු වූ දෙමළ ප්‍රශ්නයට විසඳුමක් සෙවීම ඉවත ලා ජනාධිපති පදවිය දැරීමට සිදුසු යුද වීරයා තෝරමින් සිටින අතරේ ඔවුන්ගේ පා යටින් ඊලාම් අරගලය ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් ඉදිරියට යමින් ඇත.  එහි මූලික පියවරක් ලෙස 1976දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් වඩුක්කොඩෛහි පවත්වන ලද සම්මමේලනයේදී සම්මත කර ගැනුණු ඊලාම් රාජ්‍යයක් පිහිටුවීමේ යෝජනාව නැවත බලගැන්වීමේ අරමුණින් ලාංකීය දෙමළ විදෙස්ගත ප්‍රජාව සංකේන්ද්‍රනය වී ඇති රටවල පවත්වාගෙන යන ජනමත විචාරණ මාලාවේ මීළඟ අදියර හෙට කැනඩාවේදී පැවැත්වේ.  දෙමළ ඊලමක් අවශ්‍ය ද නැද්ද යන ප්‍රශ්නයට එරට වෙසෙන ලාංකීය දෙමළ ජනයා 'ඔව්', 'නෑ' යන පිළිතුරු දීම මෙහිදී සිදු වේ. පසුගිය සතියේ ප්‍රංශයේ පැවති මෙවැනි ජනමත විචාරණයකදී 99%ක් ඡන්දදායකයෝ දෙමළ ඊලමට පක්ෂව ඡන්දය දුන්හ. ඊට පෙර නෝර්වේහිදී ද මෙවැනි මැතිවරණයක් පැවැත්විණි.