Posts

Showing posts with the label දේශපාලන විසඳුම්

ජනාධිපතිගේ මෙව්ව එක හා ජන අරගල ව්‍යාපාරයේ සමාජවාදය

මම දන්නව කිලිනොච්චියෙ ඉන්න මිනිහට මේව වැදගත් නෑ. අපි ඒවයි බලන්න ඕනෑ. -ජනාධිපතිතුමා 30දා පැවති විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් සමග සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙව්ව එක යයි කියන්නේ දේශපාලන විසඳුමකදී බෙදා ගැනෙන බලයටයි. ඔහු කියන පරිදි කිලිනොච්චියේ මිනිසුන්ට ඒවා වැදගත් නැත. එහෙත්, මේ කිලිනොච්චියේ ම මිනිස්සු මීට දෙවසරකට පෙර බොහෝ කාලයක් කිලිනොච්චිය විකල්ප දෙමළ රාජ්‍යයක අගනුවර කරගෙන ශ්‍රී ලංකාවට එරෙහිව කැරැල්ලක් ගැසූ හ.  ජනාධිපතිතුමා කියන්නේ මෙසේ විය හැකි ය. "කිලිනොච්චියේ මිනිසුන්ට අප අත් කර දුන් අලුත් ජීවිතය තුළ මෙව්වා වැදගත් නැත." 13+ දුන්නා ය කියා දෙමළ ජනතාවගේ ප්‍රශ්න විස‍ඳෙන්නේ නැති බව ජන අරගල ව්‍යාපාරයේ නායකයෝ ඇතුළු ඇතැම් වාමාංශිකයෝ ද කියති. මේ වනාහි රැවුලත්, කැඳත් දෙක ම බේරාගෙන බලය බෙදා ගැනීමේ දේශපාලන විසඳුමකට විරුද්ධ වීම සඳහා ඇති තර්කයයි. මේ පසුපස ඇත්තේ අන් කිසිවක් නො ව ජනප්‍රිය ජාතිවාදයට ඇති පෙරේතකමයි. මස් කා පුරුදු අයට උපාසක වුණත් මස් දුටු විට කටට කෙළ ඉනීම වළක්වා ගත නො හැකි ය. මේ ජනතාවගේ ප්‍රශ්න නො විස‍ඳේ ය කියන ජනතාවාදී කතාව ගැන මෙහෙම ද කියන්නට පුළුවන. ...

රජය හා දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡා හිර වේ; ඉදිරිය කුමක් ද?

(2011 අගෝස්තු 04,   W3Lanka )  ශ්‍රී ලංකා රජයත්, දෙමළ ජාතික සන්ධානයත් අතර බලය බෙදා ගැනීම පිළිබඳ සාකච්ඡා අවසන් වෙමින් ඇති බව පෙනේ. මෙම දෙපාර්ශ්වය අතර 10වන සාකච්ඡා වටය අගෝස්තු 04දා පැවැත්වුණ අතර 11වන වටයට දින යොදාගෙන නැත. දෙමළ ජාතික සන්ධානය කරුණු තුනක් ගැන රජයේ නිශ්චිත පිළිතුරක් ලබා දීමට දින 10ක කාලයක් ලබා දී තිබේ. රජය යෝජනා කරන බලය බෙදා ගැනීමේ ව්‍යුහයේ ස්වභාවය, මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩුවේ විෂයයන් පිළිබඳව හා මූල්‍යමය තත්වයන් පිළිබඳ කරුණු පැහැදිලි කර දෙන ලෙස දෙමළ ජාතික සන්ධානය ඉල්ලා ඇත. මේ වනාහි මෙම සාකච්ඡාවල තර්කානුකූල අන්තයයි. රජය සාකච්ඡා අතරමගදී කියා සිටි කරුණක් වන්නේ දෙමළ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා සියලු පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බවයි. දැනට දැන ගන්නට ලැබී ඇති අන්දමට, ‍එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ වැනි කිසිදු විපක්ෂ දේශපාලන පක්ෂයක් මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යාමට අදහසක් නැත. කෙසේ වෙතත්, රජය මේ මොහොතේ නම් ඒ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන කතා කරන්නේ ද නැත. රජය උතුරු පළාත් සභාව පිහි...

බලය බෙදීම හා බාලගිරි අද නොවෙයි හෙට

Image
( 2011 ජනවාරි 18,  W3Lanka )   ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට අදාළව ස්ථාවර දේශපාලන විසඳුමක් ඉදිරිපත් කරන බවත්; එම විසඳුම සියලු දේශපාලන පක්ෂවල එකඟතාවකින් යුතු දේශපාලන යෝජනාවලියක් ලෙස නිසියාකාරව නිර්මාණය කරගන්නා බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පසුගියදා කියා සිටී.අරලියගහ මන්දිරයේ දී පැවති විදේශීය වාර්තාකරුවන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය. දේශපාලන විසඳුම් යෝජනාවලියේ දී බලය බෙදීම පිළිබඳ සංකල්පය සාකච්ඡාවේ ප්‍රධාන තැනට එන බව ද පොලිස් බලතල ලබාදීම වැනි කරුණු සැලකිල්ලට නො ගන්නා බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය. (දිනමිණ, 2011 ජනවාරි 15) 2005 වසරේදී ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සඳහා වූ දකුණේ එකඟත්වය ඇති කරගැනීම සඳහා බව කියමින් කැඳවන ලද සර්ව පාක්ෂික සමුළුවෙන් විසඳුම් යෝජනාවලියක් සැකසීමේ කාර්යය පැවරුණ සර්ව පාක්ෂික නියෝජිත කමිටුව රැස්වීම් 128කට වඩා පවත්වා යෝජනාවලියක් ඉදිරිපත් කරන ලදී. එම යෝජනාවලියේ බලය බෙදීම පිළිබඳ සඳහන් වන ආකාරය සමබිම වෙබ් අඩවියේ දක්වා ඇත්තේ මෙසේ ය: "බලය බෙදා හැරීම පිළිබඳ සර්ව පාක්ෂික නියෝජිත කමිටුව යෝජනා කරන්නේ ආණ්ඩු බලය මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයත...

දෙමළ ප්‍රශ්නය ගැන ජාත්‍යන්තර අර්බුද කණ්ඩායමේ අදහස් | International Crisis Group on Sri Lankan Tamil issue

(2010 පෙබරවාරි 24- W3Lanka )   ලංකාවේ දෙමළ ජනයාට වර්තමානයේදී සන්නද්ධ අරගලයක් වෙත ආපසු යාමට ඇත්තේ අඩු අභිරුචියක් බව ජාත්‍යන්තර අර්බුද කණ්ඩායම නම් ගැටුම් විශ්ලේෂක විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ ආසියානු වැඩසටහන් අධ්‍යක්ෂ රොබට් ටෙම්ප්ලර් පවසයි. එහෙත්, දෙමළ ජනයාගේ සාමූහික අපේක්ෂාවන්ට ප්‍රතිචාර දැක්වීමට රජය දිගින් දිගට ම අසමත් වන්නේ නම්, ඔවුන්ගෙන් ඇතැමෙක් අවසානයේදී ප්‍රචණ්ඩත්වය හරහා විසඳුමක් සෙවීමට නැඹුරු විය හැකි බව ද ඒ සඳහා දෙමළ විදේස්ගත ප්‍රජාවේ ඇතැමුන් උදව් කරනු ඇති බව ද ඔහු පවසයි. ලංකාවේ දෙමළ ප්‍රශ්නය පිළිබඳ ජාත්‍යන්තර අර්බුද කණ්ඩායමේ අලුත් ම වාර්තාවේ මෙසේ ද සඳහන් වේ. "ලංකාවේ සිටින දෙමළ ජනයා සහ විදෙස්ගත දෙමළ ප්‍රජාව අතර පරතරය පළල් වී ඇත. රටේ සිටින බොහෝ දෙනා දශක ගණනක් තිස්සේ දිග්ගැසුණු යුද්ධයෙන් විඩාපත්ව සිටිති. ස්වාධීන රාජ්‍යයක් වෙනුවෙන් සටන් කිරීම වෙනුවට ඔවුන්ට උවමනා දුෂ්කර තත්වයන් මැද ජීවිත ගොඩනඟා ගැනීමටයි. පොදු දේශපාලන අදහසක් බලාත්මක කිරීම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය නොමැති සංදර්භය තුළ ලංකාවේ දෙමළ නායකයෝ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ප්‍රාමාණික ප්‍රතිසංස්කරණ යෝජනා කරමින් සිටිති. ප්‍රචණ්...

දෙමළ ජනයා වෙනම ජනතාවක් බව ඡන්දෙන් කීවා -සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්

Image
(2010 පෙබරවාරි 01- W3Lanka )  දෙමළ ජනයා මහින්ද රාජපක්ෂට විරුද්ධව ඡන්දය දීමෙන් ඔවුන් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන බව පවසා ඇතැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි.  තමන් වෙන ම ජනතාවක් බව හා තමන්ට දේශපාලන විසදුමක් අවශ්‍ය බව මෙම ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව පවසා ඇති බව ද ඔවුන් සමග බලය බෙදා ගැනීම අවශ්‍ය බව ද ප්‍රේමචන්ද්‍රන් පවසයි. ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ ක්‍රියාවලිය ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයෙන් පසු අවධිය දක්වා කල් දමා තිබේ.  එහෙත් සිංහල සමාජයේ පවතින තත්වය අනුව කිසිදු ආකාරයක බලය බෙදා ගැනීමකට සිංහල ජාතිකවාදී බලවේග ඉඩ නො දීමට හැකි ය.